කුරුණෑගල නිර්පාක්ෂික අරගලයේ ක්‍රියාකාරී තරුණයෙකුගේ නිවසට වෙඩි…

කිසිවෙකුට අනතුරක් නෑ....

නිර්පාක්ෂික අරගලයට සම්බන්ධ වී සිටි නිකවැරටිය ප්‍රදේශයේ  ක්‍රියාකාරී තරුණයෙකුගේ නිවසට  ඊයේ මාධ්‍යම රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

තිලිණ සුරේෂ් නැමති මෙම තරුණයා කුරුණෑගල  පැවති නිර්පාක්ෂික උද්ඝෝෂණයේ ප්‍රධාන කථිකයෙක් මෙන් උද්‍යෝගීමත් තරුණයෙක් වී සිටියේය.

ඔහුගේ මෙම දේශපාලන හැසිරීම සම්බන්ධව ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ දේශපාලන හිතවතුන්ට දරා ගත නොහැකි වෛරයක් ඇති කර තිබුණු බව නිකවැරටිය ප්‍රදේශිය ශාසනාරක්ෂක බලමණ්ඩලය  පැවසුවේය. මේ සම්බන්ධව පොලිස්පතිවරයා, දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, මෙන්ම ප්‍රදේශයේ පොලිස් අධිකාරිවරයාත් දැනුම්වත් කළ බවත් නීතිය එකක් බැවින් එය සැමටම සාධාරණ විය යුතු බවත් එම බලමණ්ඩලයේ හිමිවරු මාධ්‍යයට කීහ.

තිලිණ සුරේෂ් මෙහිදී මාධ්‍යයට අදහස් දක්වමින් පැවසුවේ සාමකාමීව නගන විරෝධයට පිළිතුරු දෙන්නෙ උණ්ඩයෙන් නම් ඊට එරෙහිව නැගී සිටින ලෙසය. පාඩම් කරමින් සිටි සිය නැගනියගේ හිසට ඉහලින් බිත්තියේ වෙඩි උණ්ඩ වැදී තිබුණු බව ඔහු කීවේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වෙඩි තැබීමෙන් කිසිවෙකුට හානියක් සිදු වී නැත. හිරු ප්‍රවෘත්ති සේවය සිද්ධිය වාර්තා කර තිබුණේ මෙසේය.

Exit mobile version