කුරුණෑගල නගරයත් වසා දැමේ… නැවත දන්වන තුරු කඩ සාප්පු අරින්නෙ නෑ…

කුරුණෑගල නගරසභාවේ සුළු සේවක පිරිසගෙන්  සේවකයින් 8 දෙනෙකු කොවිඩ් ආසාදනය වී ඇති තහවුරු වීමත් ඔවුන් නගරය පුරා විශාල වපසරියක සංචරණය කර ඇති බව තහවුරු වීමත් සමග කුරුණෑගල නගරය වසා දමන්නට සෞඛ්‍ය අංශ තීන්දු කළේය.

මෙම සේවකයන් ඉතා වැඩි තදබදයක් සහිත විල්ගොඩ ප්‍රදේශයේ ජීවත්වන බවත් එම ප්‍රදේශය මේ වනවිට සංචරණ සීමා පනවා ඇති බවත් වාර්තා වේ.

මේ වනවිට මේ ආසාදිතයන් පිරිසගේ ආශ්‍රිතයන් සොයාමින් ඔවුන් ස්වයං නිරෝධායනයට ලක් කරන  කටයුතු  ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ තත්ය තුළ කුරුණෑගල නගරයේ සියලුම වෙළඳසල් නැවත දැනුම් දෙනතුරු වසා තබන්නට නියම කර තිබේ.

 

 

Exit mobile version