කුප්‍රකට පාතාල අපරාධකරු කංජිපානි ඉම්රාන් ඇප මත නිදහස් වෙයි!

නිමන්ති රණසිංහ –

කුප්‍රකට පාතාල අපරාධකරුවෙක් වූ කංචිපානි ඉම්රාන් ඇප මත නිදහස් කර තිබේ.

ඇප කොන්දේසි සපුරාලීමෙන් පසු ඔහු ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද (20) නියෝග කළේය.

කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරියෙකුට දුරකතනයෙන් මරණීය තර්ජන කළැයි කියන සිද්ධියකට අදාළව මෙම සැකකරු එලෙස ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර ඇත .
ඝාතනය කිරීම් සහ මරණීය තර්ජනය කිරීම් සිද්ධි වලට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ හතරක මෙම සැකකරුට එරෙහිව නඩු විභාග වෙමින් පැවති අතර එම නඩු සියල්ලට සැකකරුට ඇප හිමිව තිබිණි.

මාකඳුරේ මධුෂ් යන පාතාල ක්‍රියාකාරිකයා ගේ දියණියගේ උපන්දින සාදයට ඩුබායිහිදී සහභාගිවී සිටියදී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත විනි.


ඒ අනුව, වසර දෙකකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි මෙම සැකකරු අද 20 ඇප ලබා ගැනීමෙන් පසු අධිකරණයෙන් නික්ම ගොස් ඇත්තේ වෙස් වළා ගැනීමෙන් අනතුරුව බවට පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදීප –

Exit mobile version