කුඩු සල්ලි කෝටි හයක් සමඟ කඩුවෙල දී ‘සොත්ති උපාලිගේ’ දියණියත් අත්අඩංගුවට

වැලිගම චින්තක නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු විසින් මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව කඩුවෙල දී ඊයේ අත්අඩංගුවට ගත් ගෝලයන් තිදෙනා අතර රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමයේදී පාතාල ලෝකයේ ප්‍රබලයකුව සිටි සොත්ති උපාලි නැමැත්තාගේ දියණිය ද සිටින බව පොලීසිය පවසයි.

පසුගිය දා මියගිය පාතාල නායක මාකඳුරේ මධුෂ්, මෙරට දී කලකට පෙර අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහුට ඇප ලබාදී ඇත්තේ ‘සිඟිති’ නමින් හැඳින්වෙන මෙම සොත්ති උපාලි නැමැත්තාගේ දියණිය බවට සඳහන්ය.

මාකඳුරේ මධුෂ් ඩුබායි රාජ්‍ය වෙත යැවීම පසුපස ද සියලු කටයුතු සිදු කර ඇත්තේ ඇය බවද වාර්තා වෙයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රුපියල් කෝටි 6 කට ආසන්න මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන ලද මුදල් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ අනියම් බිරිඳ ලෙස ඇය වෙසෙන බවටද වාර්තා වේ.

Exit mobile version