ලංසා එක්ක කුඩු ගංජා ගැන විවාද කරන්න නාමල්ට දැනුම මදි… සනත් නිශාන්ත කියයි

පොහොට්ටු  රාජ්‍ය අමාත්‍ය මන්ත්‍රී නිමල් ලංසාට කුඩු,  ගංජා හා හෙරොයින් ගැන හසළ දැනුමක් ඇතැයි පොහොට්ටුවේම  රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සඳහන් කරයි.

ඔහු මේ බව පැවසුවේ හිරු රූපවාහිනියේ විශේෂ වැඩසටහනකට එක් වෙමිනි.

එනිසා නාමල් රාජපක්ෂ සමඟ විවාදයකදී නිසැක වශයෙන්ම ඒ පිළිබඳව ලංසා  තරග කර ජය ගනු ඇති බවද පැවසූ  සනත් නිශාන්ත නාමල් රාජපක්ෂ මහතා  එවන් විෂයන් ගැන කිසිදු දැනුමක් නැති බවද කියා සිටියේය.

මහින්ද රාජපක්ෂගේ     පරාජයට  නිමල් ලංසා  ද හේතුවක් වූ බව සනත් නිශාන්ත පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිමල් ලංසාගේ    නිවසේ මත්ද්‍රව්‍ය තිබෙන  බවට ලද තොරතුක් මත ඔහුගේ නිවස වැටලීමට විශේෂ කාර්ය බලකාය කටයුතු කළ අවස්ථාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ   ඔහු බේරා ගැනීමට මැදිහත් වූ බවට ප්‍රබල චෝදනාවක් එල්ල වු බවත් එය මහින්ද රාජපක්ෂ  ගේ පරාජයට සෘජුව බලපෑ හේතුවක් බවත් ඔහු  කියා සිටියේය.

 

Exit mobile version