කුඩු ජාවාරමේ අදටත් ඇති කොටි සබඳතා හෙළිවෙයි

ඉන්දියාවේ කේරළ වෙරළේදී පසුගියදා මෙරටින් ගොස් තිබූ බෝට්ටුවකින් සොයාගත් ඒකේ-47 රයිෆල් සහ කෝටි 3000කට අධික මිලකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය අයත් ජාවාරමේ හසුරුවන්නා පාකිස්ථාන ජාතිකයකු බවත් ඔවුන්ට මෙරට විසූ එල්ටීටීඊ සාමාජිකයින් සමඟ සබඳතා පැවැත්වූ බවටත් හඳුනාගෙන තිබේ.

මේ පිළිබඳ විමර්ශන පවත්වන ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් මේ වනවිට සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරගෙන යන අතර, පසුගිය දින 13 තුළ ඒ පිළිබද තොරතුරු රාශියක් හෙළිකරගෙන ඇත.

සුරේෂ් රාජ් හෙවත් චින්න සුරේෂ් නමැති 39 හැවිරිදි සැකකරු සහ සෞන්දරාජන් 21 හැවිරිදි සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම තොරතුරු ලැබී ඇත.


“මේ දෙදෙනාම පාකිස්තානයේ සැකකරුවෙකු ඇතුළු විදේශීය හසුරුවන්නන් සමඟ ඔවුන්ගේ අපරාධ සහ ඔවුන්ගේ සබඳතා හෙළිකළා. පකිස්ථානු ජාතිකයා හෙරොයින්, ආයුධ සහ පතොරම් විශාල ප්‍රමාණයක් සපයා තිබෙනවා. ධීවර යාත්‍රාවලට මත්ද්‍රව්‍ය සහ ආයුධ ජාවාරම් කරන කල්ලියේ පුද්ගලයා සහ මෙහෙයුම් ද හඳුනා ගත්තා. බොහෝ විට සමාජ මාධ්‍ය තුළ ඔවුන්ගේ සන්නිවේදන ක්‍රමය ගැන ද ඔවුන් තොරතුරු ලබා දී තිබෙනවා. විත්තිකරු විදේශයන්හි සිටින තම සගයන් සමඟ රහසිගතව සන්නිවේදනය කිරීම සඳහා ජංගම දුරකථන, සිම් කාඩ්පත් සහ සමාජ මාධ්‍ය ගිණුම් කිහිපයක් භාවිතා කරන බවට හෙළිවුණා.” යැයි එම ඒජන්සියේ ප්‍රකාශකයකු උපුටා දක්වමින් ඉන්දීය වාර්තා පවසයි.

ධීවර යාත්‍රා උපයෝගී කරගනිමින් පාකිස්ථානයෙන් මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ කුමන්ත්‍රණය ආරම්භ වි ඇත්තේ 2020 මැද භාගයේදි පමණ ය.

සැකකරුවන් දෙදෙනාම තහනම් කොටි සංවිධානයේ සාමාජිකයින් සමඟ ද සබඳතා පවත්වන අතර සුරේෂ් යනු වීසා බලපත්‍රයක් හෝ විදේශ ගමන් බලපත්‍රයක් නොමැතිව පසුගිය වසර කිහිපය තුළ නීති විරෝධී ලෙස ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකික ජාතිකයෙක් බවට ද අනාවරණය වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු ව්‍යාජ ලියකියවිලි උපයෝගී කරගනිමින් ඉන්දියාවේ පෑන් කාඩ් පතක්, ආධාර කාඩ්පතක්, ඡන්ද හැඳුනුම්පත, රියදුරු බලපත්‍රයක් සහ විදේශ ගමන් බලපත්‍රය යන සියල්ල ව්‍යාජ ලියකියවිලි උපයෝගී කරගනිමින් සකස් කරගෙන තිබු බව ද විමර්ශකයන්ට අනාවරණය වී ඇත.

Exit mobile version