කුඩු ගේන්න මුහුදු ගිය මීගමු බෝට්ටුවේ හයක් බඩුත් සමග ඉන්දියාවට කොටුවෙයි

මීගමුවෙන් මුහුදු ගිය ධිවර යාත්‍රාවක් ජාත්‍යන්තර මුහුදු සීමාවේ දී මත්කුඩු මිලදී ගෙන යළි එමින් සිටියදී ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් ලාංකිකයන් හය දෙනකු සමග අත්අඩංගුවට ගෙන තිබේ.

‘ශෙනායා දුව’ නමැති එම යාත්‍රාව අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්කුඩු කිලෝ 119ක් සහ මිමී.9 පිස්තෝල 5ක් සමගයි.

මෙම යාත්‍රාව පාකිස්තානයේ සිට ආ ඉරාන නෞකාවකින් ජාත්‍යන්තර මුහුදේ දී මත්කුඩු හුවමාරු කරගෙන යළි එමින් සිටියදී කාර්මික දෝෂයකට ලක් වී මාලදිවයින දෙසට පාවෙමින් තිබී ඇත.


ඉන්දීය වෙරළාරක්ෂක බළකාය එම යාත්‍රාව සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ එහිදී ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම යාත්‍රාවේ හිමිකරු මීගමුවේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

Exit mobile version