කුඩු ගිල්ල මුල්ගම්පොල අක්කා අසාධ්‍යව මහනුවර රෝහලේ!

මහනුවර මුල්ගම්පොල ප්‍රදේශයේ කාන්තාවක්  මත්කුඩු ජාවාරමක නිරතව සිටිය දී පොලීසිය අදාළ ස්ථානය වැටලූ අවස්ථාවේ ඇය තමන් අත වූ මත්කුඩු ගුලියක් ගිලා දැමීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

මත්ද්‍රව්‍යය චෝදනාවක් සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණයේ විභාග වන නඩුවකින් ඇප මත මුදාහැර  සිටි 40 හැවිරිදි මෙම කාන්තාව නැවත එම ජාවාරමේ නිරතව සිට ඇත.

පොසොන් පොහෝ දින අලුයම් කාලයේ මෙම කාන්තාව මුල්ගම්පොල ප්‍රදේශයේ නවතා තිබෙන නවීන පන්නයේ මෝටර් රථයක් තුළ මත්කුඩු ජාවාරමක් සිදු කරමින් සිටින බවට පොලීසියට තොරතුරක් ලැබී ඇත. පොලිස් නිලධාරීන් අදාළ මෝටර් රථය වටලා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සැරසෙන අවස්ථාවේ එහි සිටි මෙම කාන්තාව ඇය අත තිබූ  හෙරොයින් මත්කුඩු ගුලිය ගිල දැමූ බව පොලීසිය පවසයි.

මුල්ගම්පල අක්කා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන මෙම කාන්තාව කලක පටන් මත්ද්‍රව්‍යය ජාවාරමේ නිරත වන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.


වැටලීම සිදු කරන අවස්ථාවේ මෝටර් රථය තුළ මෙම කාන්තාවට අමතරව තවත් පුද්ගලයින් තිදෙනෙකු  සිටි ඇති අතර එක් අයෙකු සන්තකයේ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 10 ක් ද අනෙක් දෙදෙනා සන්තකයේ හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 5 1/2 බැගින් ද තිබු බව පොලිසිය කියයි.

මහනුවර පේරාදෙණිය පාරේ මුල්ම්පොල ප්‍රධාන පෙළේ පිරිමි පාසලක් සහ කාන්තා පාසලක් ආසන්නයේ මත්ද්‍රව්‍ය ජාවාරම ජයට සිදුවන බවට පොලිසියට පැමිණිලි ගණනාවක් ලැබී තිබී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී. කේ. රත්නායක මහතාගේ උපදෙස් පරිදි කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එම්. ඩී. නාරම්පනාව මහතා ඇතුළු  කණ්ඩායමක් අදාළ වැටලීම සිදුකර තිබේ.

Exit mobile version