කුඩු අංජු රටට ගෙනඑන කටයුතු අරඹයි…

2018 වසරේදී ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වූ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ රන්ජන් සිල්වා සිය නිවස ඉදිරිපිට වෙඩි තබා මරා දැමූ සිද්ධියේ ප්‍රධාන සැකකරු මෙන්ම අන්තර්ජාතික මත්ක්ඩු ජාවාරම් කරුවෙක් ලෙස හඳුනාගෙන සිටි සිංහාරගේ සමින්ද සිල්වා නොහොත් ගොනාකෝවිලේ කුඩු අංජු  ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ගොනාකෝවිලේ කුඩු අංජු ජාත්‍යාන්තර රතු වරෙන්තුවක් නිකුත් කළ අපරාධකරුවෙකි.

සිය බිරිය සමග මීට දින දෙකකට පෙර ඇතිවූ ආරවුලකින් අනතුරුව පොලිසියට ගොස් පැමිණිල්ලක් කරන ඇය තමන්ට සිදුකල හිංසනය සමග කුඩු අංජුගේ රතු වරෙන්තුවේ සිට සියලු තොරතුරු   ප්‍රංශ පොලිසියට හෙළිදරව් කර ඇත.

ඒ අනුව  පොලිස් අත්අඩංගුවට පත්වන අංජු  සම්බන්ධව   ජාත්‍යාන්තර පොලිසිය විසින් ශ්‍රී ලංකා පොලිිසියට  දැනුම් දී    ඇති බව   පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  නිහාල් තල්දූව පැවසුවේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම අපරාධකරු රටට ගෙන්වීම හැකි ඉක්මනින් සිදුකිරීමට කටයුතු කරන බව ද විමර්ශන අංශ කීවේය.

Exit mobile version