බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුඩා වී මෝල් හිමියන් විසිවෙයි… වී අලෙවි මණ්ඩලයේ වී ඇඹරිල්ල මහමෝල්ලුන්ට… හාල් අස්වැන්නේන සියයට 3ක වාසියකුත් දීලා…

by editor
සැප්තැම්බර් 26, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් අත්හැර දමා ගහන්න හදන ගේමක් දූෂණයක් වෙන්නට පෙර හොයන්න… හර්ෂ පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි….

වී අලෙවි මණ්ඩලයේ වී තොග සහල් කිරීම සඳහා තෝරා ගත් මහා පරිමාණ වී මෝල් හිමියන් කීප දෙනෙක් වෙත ලබා දී එම ව්‍යාපෘතියෙන් කුඩා හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් ඉවත් කිරීමත්, ගබඩා කර තිබූ වී තොගවල සහල් ප්‍රමාණයෙන් රජයට ලැබිය යුතු ප්‍රමාණයට වඩා සියයට 3කට ආසන්න ප්‍රමාණයක් අඩුවෙන් ලැබෙන ආකාරයේ තක්සේරුවක් කර රජයට පාඩු සිදුකිරීමත් සම්බන්ධව අද (26)ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළේය.

මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ අදාල ව්‍යාපෘතිය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති කොන්දේසි හරහා කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සම්පූර්ණයෙන් ඉවත් කිරීම මේ රජයේ ප්‍රකාශිත ප්‍රතිපත්තියට පටහැනි වෙනස් බවය.

එමෙන්ම මන්ත්‍රීවරයා පැවසුවේ උතුරෙන් සහ දකුණෙන් වී අලෙවි මණ්ඩලය රැස් කරගත් වී තොගවලින් අනිවාර්යයෙන් සියයට 65ක වී අස්වැන්නක් ලබා ගත හැකි බව ශක්ති සහල් ව්‍යාපාරය නිර්මාතෘවරයා ලෙස තමන් දන්නා බවය. එසේ තිබිය දි එම සහල් ප්‍රමාණය සියයට 63ක් දක්වා අඩු කළේ ඒ ලාභය තමන් තෝරා ගත් මහා පරිමාණ සහල් මෝල් හිමියන් වෙත ලබා දීමට දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

ඔහු කීවේ දූෂණයක් වීමට පෙර මේ සම්බන්ධව සොයා ගැනීම රජයේ වගකීම බවය.

මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

” වී අලෙවි මණ්ඩලය විසින් ලබා ගත් වී කොටන්නට කොටපු හාල් ලංකා සතොස හරහා විකුණන්න ටෙන්ඩර් එකක් කතා කරලා තියනවා.”

” මේ අද වෙනකොට සිද්ධ වෙන දෙයක් . මම ඊයේ පෙන්වා දුන්නා මෙම ටෙන්ඩර් එක සකස් කරලා තියෙන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ හාල් මෝල් හිමියන්ව අයින් කරලා තෝරා ගත්තු යම් කණ්ඩායමකට මේ ටෙන්ඩරය ලබා දෙන්න කියලා.”

“ඒකට සාක්ෂි හැටියට මම පෙන්වා දුන්නා කොයි විදිහට ද මේ ටෙන්ඩරය කොන්දේසි ඉදිරිපත් කරලා තියෙන්නේ කියන එක. අද වෙනකොට ඒ තත්ත්වය ඊටත් වඩා භයනාක තැනකට ගිහින් තියනවා. මොකද වී අලෙවි මණඩලයේ සාමාන්‍යාධිකාරී සමන් පාලිත, හෙක්ටර් කොබ්බෑකඩුව පර්යේෂණ ආයතනයේ දුමින්ද ප්‍රියදර්ශන, පසු අස්වනු තාක්ෂණය පිළිබඳ ආයතනයේ ඉංජිනේරු රත්නායක ලංසු ඉදිරිපත් කරපු කණ්ඩායම් මුණ ගැහිලා තියනවා. ”

“ඔවුන්ට කියලා තියනවා … කොන්දේසි තවත් තද වෙලා තියනවා. පැයකට වී කිලෝ 15000ක් අඹරන්න පුලුවන් ආයතනවලට විතරයි මේ ටෙන්ඩරයට ඉදිරිපත් වෙන්න පුලුවන්. ඊයේ කියපු කතාවලටත් එහා ගිහින්.”

“මම මේ ගැන කතා කරන්නේ අපි ශක්ති සහල් ව්‍යාපාරය හරහා මේ රටේ කුඩා හා මධ්‍යම පරිමාන සහල් මෝල් හිමියන් 300කට අධික ප්‍රමාණයක් එකට එකතු කරලා සමූපකාරයක් හදලා අපි එදා රුපියල් 85ට සහල් විකුණන්න මූලික වෙච්චි මනුස්සයා හැටියට. මම කොළඹ හිටියට මට මේ ගැන සෑහෙන අවබෝධයක් තියනවා. ඒ අය එක්ක කතා කරලා තියන නිසා.”

“උතුරෙනුයි දකුණෙනුයි ගත්ත නාඩු වී දැන් ගබඩා කරලා තියනවා. මේකෙන් අනිවාර්යයෙන් සියයට 65ක් හාල් ගන්න පුලුවන්. හැබැයි කොන්දේසිය දාලා තියෙන්නේ සියයට 63ක් හාල් ගන්න ඕන කියලා. කොහොමද එහෙම වෙන්නේ. ”

“අනිත් එක පැයකට 15000ක් අඹරන්නත්, ඒ අඹරන හාල්වලින් රජයට ලබා ගත යුතු ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් ලබා ගන්නත් වගේ කොන්දේසි දැම්මෙ කවුද. ”

“ඒ නිසා ඒක දූෂණයක් වෙන්න කලින් මේ ගරු සභාවට ඉදිරිපත් කරනවා අද මේ සාකච්ඡාවට භාජනය වන කාරණා අතරේ.”

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වරෙන්තු කළ ආසිරි රෝහලේ අධ්‍යක්ෂ මණ්ලඩලයට ඇප…

Next Post

ජනපති ඇමරිකානු සංචාරය නිම කරමින් ජපාන නිල සංචාරය අරඹයි!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.