කුඩා දරුවන් පෙළපාළිවලට රැගෙන ඒම වහාම වළක්වන්න – ජනපති පොලිසියට කියයි!

කුඩා දරුවන් පෙළපාළිවලට රැගෙන යෑම  වැලැක්වීමට වහාම පියවර ගන්නැයි ද ජනාධිපතිවරයා අද පොලිසියට උපදෙස් ලබා දුන්නේය.   

ජනාධිපතිවරයා පවසන්නේ එසේ දරුවන් පෙළපාළිවලට රැගෙන යෑම  බරපතල වරදක් බවය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් පොලිසියට ලබාදුන්නේ අද (12) ළමා අයිතිවාසිකම් සුරැකීම සහ ළමයින්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සකච්ඡාවකදීය.

“ළමයින් සහ යෞවනයින් කායික වශයෙන්, මානසික වශයෙන්, සදාචාරාත්මක වශයෙන්, ආගමික වශයෙන් හා සමාජීය වශයෙන් පූර්ණ වර්ධනයට පත්වන බවට වගබලා ගැනීමටත්, ඔවුන් ආත්මාර්ථය පිණිස යොදා ගනු ලැබීමෙන් සහ වෙනස්කම්වලට පාත්‍ර කරනු ලැබීමෙන් ආරක්ෂා කර ගැනීමටත් හැකිවන පරිදි ඔවුන්ගේ සුබසිද්ධිය  රජය විසින් විශේෂ පරිශ්‍රමයකින් යුක්තව වර්ධන කළ යුත්තේය“ යන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 වැනි වගන්තියේ 13වන උප වගන්තිය යටතේ ඇතැයි කී ජනාධිපතිවරයා    දරුවන් ආරක්ෂා කරගැනිම රජයේ ප්‍රමුඛ වගකීමක්  බවද අවධාරණය කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ සම්බන්දව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ    නිවේදනය පහත දැක්වේ.

Exit mobile version