“කීවේ ඇත්ත. කිසිදෙයක් ඉල්ලා අස් කර ගන්නේ නෑ හිරේ යන්න බයත් නෑ”

රංජන් හිරේට යන ගමන් කියයි

තමන් කී සියල්ල ඇත්ත බවත් කිසි දෙයක් ඉල්ලා අස් කර නොගන්නා බවත් අද සිරදඬුවමට ලක්ව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පිටතට රැගෙන යන අතරවාරයේ සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා පැවසීය.

උසාවියට අපහාස කිරීමේ චෝදනාව මත සිව් වසරක බරපතල වැඩ සහිත සිර දඬුවමකට ලක් වූ රන්ජන් රාමනායක මහතා අධිකරණයේ සිට මීගමුව පල්ලන්සේන තරුණ විශෝධන මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති රැඳවියන් සඳහා විශේෂිත නිරෝධායන මධ්‍යස්ථානයට රැගලන ගිය අතර ඔහු අධිකරණ ශාලාවෙන් පිටත සිට බස් රථයට නංවා ගන්නා තෙක් ඇවිද යද්දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේද පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මම කීවේ තිත්ත ඇත්ත . පිල්ලෙයාන් එළියට දැම්මා. මම ඇතුළට දැම්මා. මම හොරකම් කළේ නෑ කුඩු ගංජා එතනෝල් විකුණලා නෑ. මම කීවේ ඇත්ත. සමාව ගන්නෙත් නෑ. කියපු කිසි දෙයක් ඉල්ලා අස්කර ගන්නෙත් නෑ. මම කළේ මිනිස්සුන්ට උදව් කරන එක. සල්ලි බෙදුවා. හාල් බෙදුවා. සත පහක් හම්බ කර ගත්තේ නෑ. පහුගියදා හම්බ වෙච්ච මිලියන හතරෙත් බෙදන්න ගත්තා දෙන්න පුළුවන් වුනේ මිලියන දෙකයි. පිල්ලෙයාන් එළියට දැම්ම වගේ දුමින්ද සිල්වාවත් දාන්න. කුඩු කාරයෝ ගැන කිව්ව කියල තමයි මාව ඇතුළට දැම්මේ .මට බයක් කියල නාමයක් නෑ යනුවෙන් පවසා බන්ධනාගාර රඛයට නැගුගේ බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි රැකවරණය මැදය. .


Exit mobile version