මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගෙන ගොස් බරපතළ තුවාල සිදු කිරීමේ සිදුවීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ ( 01) සැකකරුවන් දෙදෙනෙක් අත් අඩංගුවට ගෙන තිබේ.
විමර්ශන ආරංචි මාර්ගවලට අනුව අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සිට විශ්‍රාම ගොස් සිටින අවුරුදු 42 හා 46 වයස්වල පවසුවෙමින් ඇති නවගත්තේගම හා උලුක්කුලම ප්‍රදේශයන්හි පදිංචි සෙබලුන් දෙදෙනෙකි..
කීත් නොයාර් 2008 වසරේ මැයි මාසයේ දී පැහැරගෙන ගොස් බරපතල ලෙස පහරදී තිබූ අතර සිද්ධියට අදාළව මීට පෙර හමුදා සාමාජිකයින් ඇතුළු සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. ( දෙරණ )







