කිළිනොච්චිය අසරණ කරමින්  කොවිඩ් අතර ආපු ගංවතුර…  පවුල් 635ක් අනාථයි…. 

දිනසේන රතුගමගේ –

අධික වර්ෂාව හේතුවෙන් විපතටපත් කිළිනොච්චියේ   පවුල් 635 ක් සදහා කඩිනමින් මූලික සහන සැලසීමට රුපියල් 438700 ක මුදලක් කිළිනොච්චිය දිසාපතිවරිය විසින් රජයෙන් ඉල්ලා තිබේ.

කිළිනොච්චිය දිසාපති  රූපවතී කේතීස්වරන්   කියා සිටියේ අධික වර්ෂාව හේතුවෙන් කිළිනොච්චියේ පවුල් 635 ක් විපතට පත්ව සිටින අතර එම පවුල් අතරින් පවුල් 442ක පුද්ගලයින් 1442 ක් සඳහා ඉතාම කඩිනමින් සහන සැලසීමට අවශ්‍ය බවයි.

පළාතේ නිවාස 17 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති අතර පසුගිය වසරේ අග භාගයේදී බුරවි සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් විපතට පත් පිරිසට සහන සලසමින් සිටින අතරතුර මේ වර්ෂයේ මුලදීම මහා වර්ෂාවක් කිළිනොච්චිය ප්‍රදේශයට ඇද හැළුණු බවයි.


කොවිඩ් වසංගතයද කිළිනොච්චිය ප්‍රදේශයේ යම් මට්ටමකට වර්ධනය වී ඇති නිසා ඔවුන්ට සහන සලසා දෙන අතරවාරයේ වර්ෂාවෙන් විපතට පත්ව සිටින පිරිසට ද සහන සැලසීමට සිදුව ඇති බව පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිසාපතිවරිය මේ තොරතුරු හෙළි කලේ   වර්ෂාවෙන් විපතට පත්ව සිටින ජනතාව හමුවීමට එම පළාත් වල 13 දා සවස කළ සංචාරයකින් පසුවය.

Exit mobile version