කිසිදු කොවිඩ් මර්දන එන්නතක අතුරු ආබාධ ගැන කිසිම පරීක්ෂණයක් තවම ලොව තුළ සිදුවෙලා නෑ… ආචාර්ය ජීවන්දර

Chandima-Jeewandara

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් මර්දනය සදහා ලබා දෙන කිසිදු එන්නත් සම්බන්ධයෙන් ඇතිවිය හැකි අතුරු ආබාධයන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු රටක පර්යේෂණයක් සිදු කර නොමැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මික ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර සඳහන් කරයි.

කොවිඩ් එන්නත සම්බන්ධයෙන් ලොව පුරා සිදුකර ඇත්තේ කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වය සහ එයින් ඇතිවන බලපෑම් සම්බන්ධයෙන් පමණක් යැයිද ඒ අනුව වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුට ඇතිවන සංකූලතාවන් අවම කර ගැනීම හා මරණ අඩුකර ගැනීමට හැකි බව පමණක් හෙලිව ඇතැයි ද ඔහු පැවසීය.

කෙසේ නමුත් කොවිඩ් මර්දන එන්නත ලබාගත් පුද්ගලයින්ට වුවද කොවිඩ් වයිරසය ආසාදනය විය හැකි නමුත් ඉන් ඇතිවන බලපෑම අවම වන බවද ඔහු සදහන් කළේය.

Exit mobile version