කිලෝ මීටර් 6ක් ගොස් හොර බඩු ඇල්ලූ රොකී ගේ වික්‍රමය

යාපනය කෝපායී පොලීසියේ පොලිස් නිල සුනඛයා ''රොකී''

දිනසේන රතුගමගේ –

යාපනය කෝපායී පොලීසියේ පොලිස් නිල සුනඛයා වන රොකීවිසින් කිලෝ මීටර් හයක් පමණ දුර ඇවිද ගොස් මංකොල්ලකරුවන් පිරිසක් විසින් පැහැර ගන්නා ලද ස්වරණාභරණ හා මුදල් තොගයක් ඊයේ (1) සොයා ගත්තේය.

යාපනයේ කොණ්ඩාවිල් ප්‍රදේශයේ නිවසකින් කොල්ලකරුවන් පිරිසක් පසුගිය 31 වෙනිදා නිවැසියන් බියවද්දා නිවසේ තිබූ රන් පවු, 6ක්,තවත් ස්වර්ණාභරණ තොගයක් හා මුදල් පැහැරගෙන ගොස් තිබුණි.

මේ පිළිබදව යාපනයේ කෝපායී පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලීසිය ඒ පිළිබදව පරීක්ෂණ පවත්වා රොකීනැමති පොලිස් නිල සුනඛයාව යෙදවීමෙන් පසුව සුනඛයා කිලෝ මීටර හයක දුර ප්‍රමාණයක් ගොස් චුන්නාකම්  ප්‍රදේශයේ නිවසක සගවා තිබූ එම ස්වර්ණාභරණ හා මුදල් සොයා ගෙන තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධයෙන් දැනට සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති කෝපායී පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version