කිරි තේ එකක මිල රුපියල් 100 දක්වා ඉහළ දැමූ බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් අද (20) පැවසීය.
ගෑස් සිනී සහ කිරිපිටි මිල ගණන් සැලකිල්ලට ගනිමින් මෙම වැඩිකිරීම සිදුකළ බව ඔහු වැඩිදුරටත් කියයි.
මේ වනවිට කිරි පිටි කිලෝවක් රුපියල් රුපියල් 600කින් ඉහළ දැමීමට ආනයන කරුවන්ගේ සංගමය කටයුතු කර ඇත. ඒ අනුව ග්රෑම් 400 කිරි පිටි පැකට්ටුවක් රුපියල් 250කින් ඉහළ ගොස් ඇති අරත එහි මිල රුපියල් 790කි. ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 600කින් ඉහළ යෑමත් සමග එහි නව මිල රුපියල් 1945කි.
මේ මිල ගණන් යටතේ කිරිපිටි සොයා ගත නොහැකි වීමත් ගෑස් අර්බුදයත් ඇතුළු සීමා කාරී සාධක ගණනාවක් හේතුවෙන් කිරි තේ එකක මිල ඉහළ දැම්මත් එම මිල ස්ථාවරව පවත්වා ගැනීමට හැකි සෑම උත්සාහයක්ම දරන බව ආපන ශාලා හිමියන්ගේ සංගමය කීවේය.