කිරි පිටි මිල වැඩිකිරීමට ඇමති කැමති වෙයි – සහල් මිලත් වැඩි කිරීමට අවධානය

ආනයනික කිරි පිටි මිල රුපියල් 350කින ඉහළ යා යුතුව තිබුණද ඒ මට්ටමට ඉහළ දමන තෙක් දැනට රුපියල් 200ක තාවකාලිකව කිරි පිටි මිල ඉහල දැමීමට පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා එකඟත්වය පළ කළ බව කිරි පිටි ආයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයෙක් ලංකාසරට පැවසීය.

දැනට ලෝක වෙළෙඳපොලේ කිරි පිටි මිල වැඩිවීමත් ඩොලරය ට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය විමත් හේතුවෙන් තවදුරටත් මිල වැඩි වීමක් අපේක්ෂා කරන බවත් එතෙක් රුපියල් 200කින් මිල වැඩි කිරීමට ආදල කටයුතු සිදුවනු ඇති බවත් මෙම ප්‍රකාශකයා තවදුරටත් සඳහන් කළේය.

අද මේ සම්බන්ධයෙන් කිරි පිටි ආනයනකරුවන් සහ පාරිභොගික කටයුතු රාජ්‍ය අමා්‍යයවරයා අතර සාකච්ඡාවක් පැවැත්වු අතර එහිදී මෙම එකඟතාවට පැමිණි අතර මිල වැඩි කිරීමට අවශ්‍ය අවසරය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් හෙට දිනයේ ලබා දෙනු ඇති බව එම ප්‍රකාශකයා විශ්වාසය පළ කළේය. මෙ අනුව සාමාන්‍යෙයන් මෙරට වෙළෙඳපොලේ බහුලව අලෙවි වනකිරි පිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක් රුපියල් 78ත් 80ත් අතර මිලකින් ඉහළ යනු ඇති බව මෙම ප්‍රකාශකයා සඳහන් කළේය.


මේ අතර පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍යයංශයේ ඉහළ පෙලේ නිලධාරියකු සඳහන් කළේ වී මිලදී ගත්නා සහතික මිල මට්ටමට සාපෙක්ෂව සහල් කිලෝ ග්‍රෑමයකද දැනට ගැසට් නිවේදනයක් මඟින් නියම කරනු ලැබ ඇති මුදල සාධාරණ නොවන හෙයින් සහ එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන හෙයින් සහල් අලෙවි කිරීම් උපරිම සිල්ලර මිලද ඉහල දැමීම කෙරහි අවධානය යොමුව ඇති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අනුව දැනට සම්බා සහල් කිලෝවක මිල රුපියල් 120ටත් නාඩු සහල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 103කටත් උපරිම මිලක් නියම කිරීම කෙරෙහි අවධානය යෙමුව ඇතැයි මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

Exit mobile version