කෑගල්ලේ ධම්මික වෙද මහතා රනිල් වික්‍රමසිංහ බේරාගත් හැටිත් හෙළි කරයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ට අගමැතිකම සහ විපක්ෂ නායකකම ලබා දීමට අවශ්‍ය කටයුතු කර දුන්නේ තමන් බවත් එපමණ දෙයක් කර තිබියදීත් වික්‍රමසිංහ මහතා තමන් ජනතාවට එන්ජින් ඔයිල් පොවන බවට තැන තැන චෝදනා කිරීම කණගාටුදායක බවත් කොවිඩ් සඳහා ඖෂධයක් නිපදවා ආන්දෝලනයකට පත් වූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සඳහන් කර ඇත.

මේ දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වන ඔහු වෙත අටමස්ථානයේ දායක සභාව වෙතින් යයි සඳහන් කරමින් ලබා ගත් දුරකථන ඇමතුමක පටිගත කළ හඬපටයක ඒ බව සඳහන් වෙයි.

මෙම හඬ පටය පසුගිය දින කිහිය පුරා සමාජ මාධ්‍ය ජාලවල මෙන්ම වෙබ් අඩවිවලද ප්‍රචාරය වූ අතර එහිදී ඔහු අනුරාධපුර ජය ශ්‍රි මහ බෝධීන් වහන්සේට මෙම ඖෂධය පූජා කිරීමට ගිය අවස්ථාවේදී සිදුවූ සිදුවීම් පෙළ පිළිබඳව කිසිදු සිහියක් නොමැති බව දක්වා තිබුණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තමන්ට මාධ්‍ය හරහා සිදු කරන මඩ ප්‍රහාර ගැන සඳහන් කරමින් එහි ධම්මික බණ්ඩාර නැමැත්තා ප්‍රකාශ කර ඇත්තේ “අගමැති වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වරණයෙන් පරාජය වුණාට පස්සේ එපා වී සියල්ල දමා යන්නට සිටින අවස්ථාවක මගේ ළඟට ආවා. එතුමට යළි විපක්ෂ නායකකම, අගමැතිකම ආදිය ලබා දීමට කටයුතු කළේ මම. මේ කුම්මෝදර භද්‍රකාලි දේවාලයේ තමයි සියල්ලම කළේ . එතුමා බේර ගත්තේ මම. අද කියනවා මේවා එන්ජින් ඔයිල් කියල. ඉතින් කාටද කතා කරන්නේ.“

Exit mobile version