කෑගල්ලේ ධම්මිකගේ පැණිය නිසා අපේ කලාකරුවකුගේ රුවත් ජාත්‍යන්තරයට යයි

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සඳහා සොයාගත් බවට මේ දිනවල ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධියට පත්ව ඇති කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ පැණිය සම්බන්ධයෙන් එංගලන්තයෙ සුප්‍රකට The Sun පුවත් සේවය විසින් ලිපියක් පළ කර ඇති අතර ඊට වැරදීමකින් යොදා ඇත්තේ මෙරට ප්‍රසිද්ධ ගීත විචාරකයකු කලාකරුවකු වන ධම්මික බණ්ඩාර මහතාගේ සේයාරුවයි.

කෑගල්ලේ ධම්මික බණ්ඩාර යනුවෙන් අන්තර්ජාලය තුළ සොයා බැලීමේදී කලාකරු ධම්මික බණ්ඩාර මහතාගේ සේයාරූ බෙහෙවින් පල වී තිබීම නිසා එම ඡායාරූපය ඉහත විදේශීය පුවත් සේවය විසින් යොදා ගන්නට ඇති බව අනුමාන කළ හැකිය .

කෙසේ වෙතත් එම ලිපියේ සදහන් වන්නේ කුරුණෑගල ප්‍රදේශයේ වඩු කාර්මිකයෙකුගේ නිවසේ සකසන ඖෂධයක් “දෙවියන්ගෙන් ලැබූ ප්‍රාතිහාර්යමය ප්‍රතිකාරයක්” ලෙසින් සඳහන් කරමින් ජනතාවට බෙදා හරින බවට ය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ වරක් භාවිත කළ පසු ජීවිත කාලයටම ඖෂධයක් ලෙස ක්‍රියාත්මක වන බවට ඔහු පවසා ඇතැයිද එම ලිපියේ සඳහන් වේ.

Exit mobile version