කැබින්ට් තීරණයට එරෙහිව උසාවි ගිය කැබිනට් ඇමති තුන්කට්ටුව ගැන ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්!

අජන්ත කුමාර අගලකඩ –

වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සිටිමින් ,කැබිනට් තීරණයකට එරෙහිව අධිකරණයට යාම සහ කැබිනට් තීන්දුව ප්‍රසිද්ධියේ විවේචනය කිරීම වැරදි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   පුවත්පත් කතුවරුන් සමඟ අද  පැවති සාකච්ඡාවක දී ප්‍රකාශ කළේය.

කැබිනට් තීන්දුවකට එරෙහිව අධිකරණයට යනවා නම් අමාත්‍ය ධුරයෙන් ඉවත් වී එය කළ යුතු බවද ඔහු සඳහන් කළේය .

එසේ නොමැතිව කැබිනට් මණ්ඩලයේ සිටිමින්ම කැබිනට්තීරණයකට එරෙහිව අධිකරණයට යාම සහ එම තීන්දුව විවේචනය කිරීම කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩකිරීමක් බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය .


කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩ කිරීම සම්බන්ධයෙන් මාර්ක් ප්‍රනාන්දු විනිශ්චකාරවරයා විසින් දෙන ලද තීන්දුවක් ද තිබෙන බව ජනධිපතිවරයා සිහිපත් කළේය.  ජනාධිපතිවරයා පුවත්පත් කතුවරුන් ජනාධිපති මන්දිරයේදී ඊයේ හමුවූ අතර, එහිදී පුවත්පත් කතුවරයකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය .

එමෙන්ම ,ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතාගේ ක්‍රියා කලාපය ඇතැම් ඇමතිවරුන් විසින් ප්‍රසිද්ධියේ විවේචනය කිරීමද වැරදි බව කී ජනාධිපතිවරයා එමගින් ජනතාව අතරට වැරදි මතයක් යන බව කීවේය .

මෙ හැම දෙයකටම වගකිව යුත්තේ එකම නිලධාරියා බවට ජනතාව අතර වැරදි අවබෝධයක් එමගින් ඇති වන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදීප –

Exit mobile version