කැබිනට්ටුවට අලුතින් තවත් 09ක්… ඉන්න කැබිනට් ඇමතිවරු කීප දෙනෙක් විසිවෙන්න නියමිතයි!

parliament of sri lanka

කැබිනට් මණ්ඩලය තවදුරටත් සංශෝධනයට ලක්වීමට සැලසුමක් ඇතැයි පොදු ජන රෙමුණට සමීප ආරංචි මාර්ග ලංකාසරට පැවසීය.

ඒ අනුව පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හය දෙනු ඇතුළු මන්ත්‍රිවරුන් නව දෙනකුට ඇමති ධුර ලබා දීම පිළිබඳව මේ වනවිට එකඟතාවකට පැමිණ ඇතැයි මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේ වුවද මෙම ඇමති ධුර එකවර ලබා නොදී කඩින් කඩ ලබා දීම පිලිබඳව ජනාධිපතිවරයා සහ පොදු ජන රෙමුණ අතර එකඟතාවක පවතින බව එම ආරංචි මාර්ග කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොදුජන පෙරමුණේ හිටපු ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් හය දෙනකුට අමතරව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසා නායක, සමගි ජන බලවේගයේ රාජිත සේනාරත්න, එක්සත් ජාතික පකෂයේ වජිර අබේවර්ධනට ද ඇමති ධුර යෝජනා වී ඇති බවත් දැනට සිටින කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනකු ඉවත් කිරීමටද නියමිත බවත් එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.


Exit mobile version