අනුරාධපුර – පර්සි කුරුනේරු –
කැබිතිගොල්ලෑව පදවිය ප්‍රධාන මාර්ගයේ ඊතලවිද්දවැව ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ කුඩා ලොරි රථයක් මුහුණට මූණ ගැටීමෙන් සිදුවූූ අනතුරකින් යතුරුපැදිකරුවන කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයෙහි නියුතුව සිටි ගණකාධිකාරීවරයා ඊයේ (21) සවස මරු මුවට පත්ව ඇත.
ගල්නෑව සිනමා ශාලාව අසල පදිංචිව සිටි තිස් පස් හැවිරිදි අවිවාහකයෙකුවන හේනේගෙදර සුරාජ් රෝෂාන් උපතිස්ස මෙසේ මිය ගොස් ඇත. කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව ගණකාධිකාරිවරයා ලෙස සේවය කරන ඔහු පදවිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩබලන ගණකාධිකාරිවරයා ලෙසද කටයුතු කර තිබේ.
ඔහු ඊයේ (21) සවස පදවිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරී කටයුතු ආවරණය කොට නැවත කැබිතිගොල්ලෑවේ පිහිටි සිය නිල නිවස වෙත යතුරුපැදියෙන් ගමන් කරමින් සිටින අතරතුර ඉදිරියෙන් ගමන් ගත් කැබ් රථයක් පසුකරයාමට උත්සාහ කළ අවස්ථාවේ ප්‍රතිවිරුද්ධ දිසාවෙන් ධාවනය කළ කුඩා ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිද්ධ වී ඇත.
මෙම අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු කැබිතිගොල්ලෑව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඊයේ (23) කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
ගතවූ පැය 24 තුළ රට පුරා සිදුවූ රිය අනතුරුවලින් තරුණයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් තිබිණි.
ඊයේ (21) සෙසු අනතුරු සිදුව තිබුණේ මාරවිල, අම්බලන්තොට, ගම්පොල, හෙට්ටිපොළ, මඩකලපුව, මිරිහාන, සහ සීදුව යන පොලිස් වසම්වලදීය
හැටන් – මහනුවර ප්‍රධාන මාර්ගයේ ඊයේ (21) පෙරවරුවේ බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදු වූ අනතුරකින් තිදෙනෙකු මියගොස් තිබේ. හතලිහක් වූ බස් රථයේ ගමන් ගත් සියලුම මගීහු තුවාල ලදහ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව අන්තර් හුවමාරුව ආසන්නයේදී ඊයේ අලුයම 1:15ට පමණ වෑන් රථයක් සහ ලොරියක් එකිනෙක ගැටීමෙන් කාන්තාවක් සහ පුද්ගලයෙකු මියගොස් තිබුණි.
මේ අතර ලංගම බස් රථ අනතුරක් ඊයේ පස්වරු 3ට පමණ කොළඹ – නුවර මාර්ගයේ කඩුගන්නාව ඩෝසන් කුළුණ ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන ගසක වැදී සිදුවූ අනතුරින් මගීන් හය දෙනෙක් තුවාල ලැබුවේය.







