කැබ් රථයක් වව්නිකුලම් වැවට පෙරළී දරුවෙක් සහ රියදුරු අතුරුදහන්….

දිනසේන රතුගමගේ –

කැබ් රථයක් 19 දා සවස මුලතිව් වවුනිකුලම් වැවට පෙරළීමෙන් එහි ගමන් ගත් කුඩා ළමයින් දෙදෙනෙකු ඇතුළු තුන් දෙනෙකු අතුරුදහන් වී තිබේ.

මුලතිව් සෙල්වපුරම් ප්‍රදේශයේ සිට ගමන් කළ කැබ් රථයක් වැවට පෙරළී ඇති අතර ඉන් දිවි ගලවාගත් 12 හැවිරිදි ළමයෙකු පමණක් කැබ් රථය ගොඩ ගැනීමට ගිය  ගම්වාසීන් විසින් සොයා ගෙන තිබේ.

අතුරුදහන් වී ඇත්තේ කැබ් රථය පදවා ගෙන ගිය පුද්ගලයා හා වයස අවුරුදු 2 ක් හා 11 ක් බැගින් වූ ළමයින් දෙදෙනෙකි. 


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගම්වාසීන් කැබ් රථය ගොඩ ගෙන ඇතත් අතුරුදහන් වූ තුන් දෙනා මේ වන තුරු හමු වී නොමැත.

Exit mobile version