හොඳටම කරන අය තෝරන්න කැනඩාවේ අගමැතිගෙන් අවස්ථාවක්

කොරෝනා වසංගතය ජයගත හැකි හොඳම පාර්ශවයට රට භාරදීමට පුරවැසියන්ට අවස්ථාව සලසාදීමට යැයි පවසමින් කැනඩා අග්‍රමාත්‍ය ජස්ටින් ටෲඩෝ විසින් හදිසි මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව ලබන මස 20 වැනිදා කැනඩාවේ මැතිවරණය පැවැත්වීමට නියමති බවත් ඒ අනුව එරට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය හිමිවී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙය කැනඩාවේ 44 වැනි ෆෙඩරල් මැතිවරණය වන අතර එය නියමිත කාලයට වඩා වසර දෙකකට පෙර පැවැත්වෙනු ඇත.


දැනට 49 හැවරිදි වියේ පසුවන කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ විසින් එරට තුල සාර්ථකව එන්නතකරණය සිදුකිරීමත් සමඟ මේ දින වල දැඩි ජනතා ප්‍රසාදයකට පත්ව තිබේ.

කැනඩාව තුල කොරෝනා මර්ධන එන්නත් ලබාගැනීමට සුදුසු වයස්වල පසුවන්නන්ගෙන් සියයට හැත්තෑවකට මේවන විටත් එන්නත් මාත්‍රා දෙකම ලබාදෙමින් අසල්වැසි ඇමරිකා එක්සත් ජනපදයට සහ බටහිරි ලෝකයේ රටවල් සමඟ සසදන විට ඉතා සාධණීය තත්ත්වයක පසුවෙති.

මැතිවරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ටෲඩෝ පවසා ඇත්තේ “ඇතැමුන් මේක මැතිවරණයක් පැවැත්වීමට සුදුසු අවස්තාව නොවන බවට පවසන්න පුලුවන් ඒත් මේ මැතිවරණයෙන් කැනඩාවේ ඉදිරිය තීරණය කරන වගේම වසංගතය පාලනය කිරීමට කවර පාර්ශවයකට භාරදියුතුය යන්න කැනඩා පුරවැසියන්ට අවස්ථාව සලසා දියයුතයි.” යනුවෙනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කැනඩාව තුල මේවන විටත් ශක්තිමත් ආණ්ඩුවක් නොපවතින අතර ටෲඩෝ හට සැලකිය යුතු බලයක් පාර්ලිමේන්තුව තුල මේවන විට නොපවතින බැවින් මෙම මැතිවරණය ඔහුගේ ඉදිරි දේශපාලන ගමනට තීරණාත්මක වනු ඇත.

Exit mobile version