කාල්ටන් නිවස වටකළ විරෝධතාකරුවන් 15ක් අත්අඩංගුවට… විරෝධතා කරුවන් වෙනුවෙන් නොමිලයේ නීතිඥ මණ්ඩලයක්… 

පොලිසියේ 09ක් ඇතුළු 21ක් රෝහල්ගත කෙරේ…. 

සූරියවැව  නුවන් ජයසේකර –

 තංගල්ල  කාල්ටන් නිවස වටකළ විරෝධතා කරුවන්ට එල්ල කළ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරවලින් අනතුරුව විරෝධතාකරුවන් 15 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ.

පොලිසියේ 09ක් තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත. නිල නොවන ආරංචි මාර්ග පවසන්නේ සිවිල් වැසියන් 12 දෙනෙකුද තුවාල ලබා ඇති බවය.

කළහකාරී ලෙස හැසුරුණු බවට චෝදනා කරමින් විරෝධතාවයට එක්ව අත්අඩංගුවට පත් වී 15 දෙනා    මේ වන විටත්    තංගල්ල මූලස්ථාන පොලිසියේ  රඳ වා තිබෙන ඇත.


ඔවුන් අද රාත්‍රියේ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. ඔවුන් වෙනුවෙන් පෙනී සිටිම සඳහා ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි ඇතුළු නීතිඥ  මණ්ඩලයක් නොමිලයේ ඉදිරිපත් වී සිටී. මෙම නීතිඥ මණ්ඩලය මේ වනවිට තංගල්ල මූලස්ථාන පොලිසිය වෙත පැමිණ සිටිති.

විරෝධතා කරුවන් කාල්ටන් නිවස දෙසට ඇතුළු වීම වැළැක්වීම සදහා පොලිසිය විසින් යොදා තබූ මාර්ග බාධකයක්  කඩාගෙන  ඉදරියට ගිය උද්ඝෝෂකයන්     පාලනය කිරීමට   ජල ප්‍රහාර හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට සිදු වූ බව පොලිසිය කීවේය. 

විරෝධතා කරුවන් පළමු මාර්ග බාධකය බිදගෙන ඉදිරියට ගොස් පැය දෙකකට අධික කාලයක් දෙවන මාර්ග බාධකය අසලට වී විරෝධතාවයේ නිතරව සිටි ඇත.  එහිදී විරෝධතා කරුවන් හා පොලිසිය අතර යම් උණුසුම් තත්වයක් ඇති වීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහිදී විරෝධතා කරුවන් දෙවන මාර්ග බාධකයද බිඳගෙන ඉදිරියට යාමත් සමග පිරිස පාලනය කිරීම සඳහා පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

Exit mobile version