“කාබනික වී “ කිලෝව රු.100 ට ගන්නවා… කෘෂි ඇමතිගෙන් වී සඳහා සහතික මිලක්!

කිර්ති ප්‍රනාන්දු –

කාබනික වී ගොවීයන්ගේ වී කිලෝව රු.100 බැගින් මිලදී ගැනීමට රජය සූදානමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ   සඳහන් කරන බව ඔහුගේ මාධ්‍ය අංශය නිවේදනය කරයි.

එම නිවේදනය කියන්නේ මේ වන විටත් නාඩු වී කිලෝව රුපියල් 80ක් ද සම්බා වී කිලෝව රු.100ක් හා කිරී සම්බා වී කිලෝව රු.125කට මිලදී ගැනීමට ව්‍යාපාරකයින් පෙළඹි සිටින බව ඇමතිවරයා කියන බවය.

එම නිවේදනයේ ඇමතිවරයාගේ ප්‍රකාශය මෙසේ දක්වා ඇත.


“ මේ දිනවල දිවයින පුරාම  ගොවී උද්ඝෝෂණ පැවැත්වෙනවා. හැබැයි ඒ උද්ඝෝෂණවල ඉන්නේ නියම ගොවියෝ නෙමෙයි කියලායි මම විශ්වාස කරන්නේ. කෘෂිකර්ම ඇමතිවරයාගේ පඹයෝ හදලා ඒවා පුච්චනවා. කෘෂිකර්ම අමාත්‍යවරයාට පහර දෙනවා. නමුත් ගොවියන්ට අමතකයි ඉතිහාසයේ පළවෙනි වතාවට වී කිලෝවකට රු.80ක් ලැබෙන්නේ මේ කෘෂිකර්ම අමාත්‍යවරයාගේ කාලේ කියලා.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මා ගොවීන්ගෙන් ඉල්ලන්නේ එකම දෙයයි. ඔබ බය වෙන්න එපා. ඔබට පොහොර රජයෙන් දෙනවා. ඔබේ නිෂ්පාදන රජය මිලදී ගන්න සූදානමින් ඉන්නවා. ඒ වගේම කාබනික වගාවෙන් ගොවිතැන පාඩු වුණොත් ඒ පාඩුව රජයෙන් ගෙවනවා. ඒ රජයේ සහතිකය ගැන විශ්වාස කරලා ඔ‍බ ඔබේ ගොවිතැනට යොමු වෙන්න කියලා මම ඉල්ලනවා”

Exit mobile version