කාන්තා දිනයේ කළු කොඩි දැමූ අතුරුදහන් වූවන්ගේ සංගමයේ සභාපතිනිය පොලිසියෙන් කැඳවයි…

කුළු කොඩි දමා රාජ්‍ය විරෝධී පෙළපාළියක් සංවිධානය කළ බවට චෝදනා...

දිනසේන රතුගමගේ 

ජාත්‍යන්තර කාන්තා දිනයේදී මුලතිව් ප්‍රදේශයේ කලු කොඩි දමා රාජ්‍ය විරෝධී පෙළපාලියක් සංවිධානය කිරීමේ චෝදනාව යටතේ අතුරුදහන් වූවන්ගේ සංගමයේ සභාපතිනිය බව කියන තැනැත්තිය මුලතිව් පොලීසිය වෙත කැදවා ඊයේ ( 9 ) ප්‍රශ්න කොට තිබේ.

යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබදව තොරතුරු සොයා බලන ඥාතී සංගමයේ මුලතිව් දිස්ත්‍රික් සභාපතිනිය වශයෙන් පෙනී සිටින මාරියසුරේෂ් ඊස්වරී නැමැත්තියට මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර පොලීසිය ඇයගෙන් ප්‍රශ්න කොට ඇත්තේ කලු කොඩි එසවීම රාජ්‍ය විරෝධී ප්‍රකාශ ඇතුළත් පෝස්ටර් ප්‍රදර්ශනය කිරීම හා කොරෝනා සෞඛ්‍ය නීති රීති කඩ කරමින් විශාල පිරිසක් මුලතිව් නගරයට ඒකරාශී කිරීම පිළිබදවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇයගෙන් ලබා ගත් ප්‍රකාශය මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුවේ ජෙයෂ්ඨ නිලධාරීන් වෙත යවා ඇති අතර එම නිලධාරීන්ගෙන් ලැබෙන නිර්දේශ මත ඇය සම්බන්ධයෙන් ඉදිරියට කටයුතු කරණ බව මුලතිව් පොලීසිය සදහන් කරයි.


Exit mobile version