කාන්තාවන් 03ක් 12 හැවිරිදි දැරියකට පහර දී මරා දමලා…

කලවංචිකුඩි පෙරියකල්ලාරු ප්‍රදේශයේ දී 12 හැවිරිදි දැරියකට පහරදී මරාදැමී යැයි කාන්තාවන් තිදෙනකු ඇතුළු  හය දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම කාන්තාවන් තිදෙනා ඇතුළු

සැකකරුවන් වරින්වර මෙම දැරියට පහර දීම නිසා දැරිය තුවාල ලබා ඇති අතර එම තුවාලවලින් විෂබීජ ශරීරගත වීම නිසා මෙම මරණය සිදුව ඇති බවට  පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වූ බව පොලිසිය පවසයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැරියගේ මව විදේශ රටක රැකියාවක නිරත වන බව ද පොලිසිය සඳහන් කරයි.

Exit mobile version