කාන්තාවක් විසින් මෙහෙයවු “ඥාති කොල්ල කල්ලියක්” ඌරගස්මංහන්දියෙන් කොටුවෙයි!

Femaler-Arrested

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය –

බළපිටිය, අහුන්ගල්ල, කොස්ගොඩ, ඌරගස්මන්හන්දිය ප්‍රදේශයන්හි නිවෙස් වලට රාත්‍රී කාලයේ ඇතුල් වි දේපල හා රන් භාණ්ඩ කොල්ල කෑම් සිදුකළ කොල්ල කල්ලියක් මෙහෙය වූ බව කියන කාන්තාවන් දෙදෙනෙක්    ඇතුළු සිව් (04) දෙනෙකු කොස්ගොඩ පොලීසිය ඊයේ (14) අත් අඩංගුවට ගෙන තිබේ.

සැක කාරියන් දෙදෙනා ඇතුළු කොල්ල කණ්ඩායම බළපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් සමන්ත ආබ්‍රේව්  වෙත අද (15) ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

සැකකරුවන් අඩංගුවට ගන්නා ලද අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 2410 සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 3112 ක්ද තිබී සොයා ගත් බවත් කොස්ගොඩ පොලීසිය කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ, ඌරගස්මන්හන්දිය ලිපිනයේ පදිංචි බෝගහවත්තගේ සන්ධ්‍යා (52) සහ නො. 285, බාන්වැල්දූව කොස්ගොඩ ලිපිනයේ පදිංචි හෙවෙස්ස ගමගේ නෙල්කා ප්‍රියදර්ශනී (24) යන කාන්තාවන් දෙදෙනා සහ  නො. 261/A, පතිරාජපෙදෙස, ඌරගස්මන්හන්දිය ලිපිනයේ පදිංචි කුලපති හේවගේ තරිදු සසිත් (24) නොහොත් පාන් බාගේ, යුද්ධ පිටිය පාර, ඌරගස්මන්හන්දිය ලිපිනයේ පදිංචි තොම්මයා හකුරු දිමුතු ප්‍රේමකාන්ත (31),  යන සිව් දෙනාය.


මෙයි  සැකකරුවන් දෙදෙනා ගෙවල් බිදුම් සිදුකර තිබෙන බවත් තුන්වන සැකකාරිය ගෙවල් බිදුම් මෙහෙයවා තිබෙන බවත් කොස්ගොඩ පොලීසිය කියයි.

සැකකාර තරුණිය ගෙවල් බිදුම් සදහා ඔත්තු බලමින් ඊට අනුබල හා සහය ලබා දී තිබෙන බව  පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි කොස්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

සැකකාරියන් දෙදෙනා ඥාතීත්වයෙන් නැන්දා හා දියණිය වන බවත් අනෙක් සැකකරුවන් දෙදෙනාද සැකකාරියන්ගේ පවුල් වල ඥාතීන් බවත් කොස්ගොඩ පොලීසිය කියයි.

කොල්ල කල්ලිය විසින් කොස්ගොඩ, අහුන්ගල්ල, ඌරගස්මන්හන්දිය පොලිස් වසම් වල නිවාස 10 කට ආසන්න ප්‍රමාණයකට රාත්‍රී කාලයේ ඇතුල් වී ඇතුල් වී දේපල හා රන් භාණ්ඩ කොල්ල කා තිබෙන බවත් මෙසේ කොල්ල කන ලද රන් භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ 25 කට ආසන්න බවත් කොස්ගොඩ පොලීසිය කියයි.

මෙයින් රුපියල් ලක්ෂ 08 කට ආසන්න ප්‍රමාණයක රන් භාණ්ඩ සොයා ගත් බවද කොස්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොස්ගොඩ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව් උදාර සිල්වා, උප පොලිස් පරීක්ෂ සරත් කුමාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Exit mobile version