ක්‍රීඩා ලෝලීන්ගේ දෙනෙතට කඳුළු නැන්වූ ධනංජයගේ ඉන්ස්ටග්‍රෑම් සටහන…

“මට ඉහළින් බලා ඉන්න සුර දූතයෙක් සිටිනවා.  ඔහුට මා අමතන්නෙ තාත්තා කියායි!“

ධනංජය ද සිල්වා මේ සංවේදී සටහන ස්වකීය ඉන්සටග්‍රෑම් ගිනුමේ  එසේ සටහන් කර තිබිණි. ඒඑෆ්පී ප්‍රවෘත්ති සේවයේ ඡායාරූප කීපයක් සමග ධනංජය පල කර තිබූ ඒ සටහන මේ රටේ ක්‍රීඩා ලෝලීන් බොහෝ දෙනෙකුගේ දෙනෙත් බොඳ කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම බිඳ වැටී අන්ත අසරණව සිට මොහොතක නොදැවී ලකුණු 152ක් සහිතව හුදකලා සටනක නිරතවන ධනංජය දෙස මේ රටේ ක්‍රීඩා ලෝලීන්  බලා සිටියේ අති මහත් ආදරයෙනි.  මේ වනවිට ඔහු ගේ හුදකලා සටන නිසා ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට බටහිර ඉන්දීය කොදෙව්වන්ට වඩා ලකුණු 279ක් ඉදිරියෙනි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙහිවල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් වූ ධනංජයගේ පියාවන රන්ජන් ද සිල්වා  වර්ෂ 2018 මැයි මස 24 වැනිදා සාහසිකයෙකුගේ වෙඩි පහරින් සිය නිවස ඉදිරිපිට දී මරණයට පත් විය.

Exit mobile version