ක්‍රිකට් ආයතනයේ ලිපි ගොණු ඉස්සූ සිද්ධියට ගොඩලියැද්දගෙන් ප්‍රශ්න කිරීම අරඹයි….

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලිපිගොනු කිහිපයක්   ඉකුත් ඉරිදා හොර රහසේ රැගෙන ගියේ යැයි කියනු ලබන සිද්ධියක් සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කෙරන විශේෂ පොලිස් ඒකකය  මේ වන විට  ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික සූජීව ගොඩලියැද්දගෙන්  ප්‍රශ්න කරමින් සිටී.

ක්‍රිකට් ආයතනයේ ලිපි ගොනු අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධව විමර්ශන ආරම්භ කළ ක්‍රීඩා වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කෙරන මෙම විශේෂ පොලිස් ඒකක නිලධාරීන් ඉකුත් අගහරුවාදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගොස් ක්‍රිකට් ආයතනයේ වූ ආරක්ෂක කැමරා පද්ධතිය  පරීක්ෂාවට ලක්කර තිබේ.

එහි දී  සුජීව ගොඩලියද්ද  ඉරිදා දින ක්‍රිකට් ආයතනයට පැමිණ ඇතැයි  පැහැදිලිවම අනාවරණය වී ඇත. ඈෂ්ලි ද සිල්වා  ගේ කැඳවීමකට අනුව තමන් එහි පැමිණි බව ඔහු ප්‍රශ්නකිරීම්වල දී ප්‍රකාශ කර ඇත.


එහෙත් ඔහු සැකකටයුතු දුරකතන ඇමතුම් කිහපයක් ගන්නා අයුරු ක්‍රීඩා විමර්ශන ඒකකයේ නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇත. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ඔහුගේ ජංගම දුරකතන විශ්ලේෂණයක් සදහා යොමු කිරීමට නියමිත බව වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ක්‍රිකට් ආයතනයෙන් පිටතට යන විට ඔහු යමක් රැගෙන යන බවක් කැමරාවලින් නිරීක්ෂණය වී නැතත් එදින ක්‍රිකට් ආයතනයේ ආරක්ෂාවට සිටි ආරක්ෂකයින්ගෙන් කළමනාකරුවෙකුගෙන් , සුජීව ගොඩලියද්දගේ පුද්ගලික ලේකම්වරියක් බව කියන තැනැත්තියකගෙන් සහ ඔහුගේ වාහනයේ රියදුරාගෙන්  මේ වන විටත් ප්‍රකාශ ලබාගෙන තිබේ.

Exit mobile version