ක්ෂුද්‍ර ජීවීන් ඇති බව සනාථ නම්  චීන පොහොර   කිසිසේත් රට තුළ ගන්න  දෙන්නෙ නෑ… කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් සහතික වෙයි….

අද සවසට චීන පොහොර සාම්පලයේ දත්ත නිල වශයෙන් ප්‍රකාශ වෙනවා...

ආනයනික කාබනික පොහොර සාම්පලවල යම්කිසි සැකසහිත ක්ෂුද්‍ර ජීවි කොටස් ඇති බවට සනාථ වුවහොත් ඒවා මෙරටට ගෙන්වීමට තමා කිසිවිටෙකත් අවසර නොදෙන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පවසයි.

තවද මෙම සාම්පල වාර්තා අනුව පොහොර ගෙන්වීමේ අවසරය ලබා දීමේ සම්පූර්ණ බලතල තමා සතුව ඇති බවත් මේ රටට හානිකර කිසිදු ශුද්‍ර ජීවියෙකු රටට ඇතුල්වීමට ඉඩ නොතබන බවත් ආචාර්ය සිල්වා මහතා පවසයි.

චීනයෙන් ආනයනය කිරීමට සැලසුම් කර ඇති කාබනික පොහොර තොගයෙන් ගත් දෙවෙනි සාම්පලයේ ද බැක්ටීරියා ඇති බවට පැතිර යන තොරතුරු සම්බන්ධයෙන් විමසීමේදී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා එසේ කීවේය.


මෙම පොහොර සාම්පල පළමු පරීක්ෂාවේ දී erwinia බැසිලස් සහ සෙසු ශුද්‍රජීවීන් අඩංගු බවට සැප්තැම්බර් 8 වැනි දින එළි දැක්වූ දත්ත වාර්තාවට අනුව සඳහන්ව තිබූ අතර එම සාම්පල සම්බන්ධයෙන් සැකයක් ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ   ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව  මෙලෙස දෙවැනි සාම්පලයක් ගෙන පරික්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයටත් ශාක නිරෝධායන මධ්‍යස්ථානයටත් යවා තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහි ප්‍රතිඵල වාර්තාව ඊයේ ( 27)  රාත්‍රියේ නිකුත් වූ බවට ලද තොරතුරු මත කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගෙන් ඒ සම්බන්ධව විමසූ විට   ඔහු කියා සිටියේ මෙම වාර්තාවේ නිශ්චිත සත්‍ය තොරතුරු අද (28) සවස නිල  වශයෙන්ම තහවුරු වී  ලැබෙන බවය

Exit mobile version