ක්වේට් රාජ්‍යයේ වෙසක් සිරිය දිලුන හැටි….

කුවේට් රාජ්‍යයේ  ශ්‍රී ලංකා තානාපති කාර්යාලීය නිලධාරීන් සහ එරට  ශ්‍රී ලංකා සංස්කෘතික සංගමය එක්ව  35 වැනි වරටත්  සංවිධානය කළ වෙසක් උත්සවය   උත්කර්ෂවත් අන්දමින් 05/25 සහ 05/26 යන දෙදින තුළ කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වුනි .

ශ්‍රී ලංකාවේ සිට එරටට වැඩම කළ භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් එම දෙදින තුළ ධර්ම දේශනා පවත්වා තිබූ අතර , එරට වෙසෙන ශ්‍රී ලාංකික විදුලි කාර්මිකයන් සහ චිත්‍ර ශිල්පීන් එකතු වී  “ගුත්තිල ජාතකය ” පිළිඹිබු කෙරෙන දර්ශනීය තොරණක් ද ඉදි කර තිබුණි .
මෙම වැඩසටහනෙහි අධීක්ෂණය නියාමනය , සංවිධායකත්වය කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම්   විසින් සිදු කර තිබුණි .
මෙම වැඩසටහනට සහභාගී වීමට කුවේට් රාජ්‍යයේ වාසය කරන සහ එරට රැකියා වල නිරත ශ්‍රී ලාංකිකයන් 5,000 කට අධික පිරිසක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණ සිටියහ .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔවුන් සියලු දෙනා වෙත , මෙම දින දෙක තුළ දී බත් , ඉදියාප්ප , අයිස් ක්‍රීම් සහ සිසිල් බීම දන්සැල් ද ක්‍රියාත්මක කර තිබුණි.

Exit mobile version