ක්‍රෙඩිඩ් කාර්ඩ් වාර්ෂික පොලිය සියයට 36ට   නගී….

ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අය කරනු ලබන වාර්ෂික පොලී අනුපාතිකය සියයට 36ක්  තෙක්   වැඩි කිරීමට මෙරට වානිජ බැංකු කිහිපයක් විසින් මේ වන විට පියවර ගෙන ඇත.

ණය කාඩ්පත් සඳහා පනවා තිබූ උපරිම පොලී අනුපාතික සීමා ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගිය අප්‍රේල් 08 දින තීරණය කරනු ලැබීය.

එම තීරණයෙන් පසු එතෙක් 18% ක්ව පැවති ණය කාඩ්පත් පොලිය 24% ක් දක්වාත් ඉන්පසු ඉන් පසු 30% ක් දක්වාත් ඉහළ යන ලදී.

අද වන විට එය 36%ක් දක්වා වැඩි වී ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙවැනි ඉහළ පොලී අනුපාතිකයක් නියම වී ඇති පසුබිමක් තුළ ක්‍රෙඩිට් කාඩ්පත් හරහා ගනුදෙනු කිරීමේ දී වඩාත් සැලකිලිමත් විය යුතු පරිසරයක් නිර්මාණය වී ඇතැයි  වාණිජ අංශ පවසයි.

Exit mobile version