කළු විරෝධතා සතිය ප්‍රකාශ කරන්නේ ඇයි… හේතු කියන්නට GMOA මහා නායක හිමිවරු බැහැදක!

ලබන සඳුදා (23) සිට ප්‍රකාශ කිරීමට නියමිත කළු වාරෝධතා සතිය පිළිබඳ මල්වතු අස්ගිරි උභය පාර්ශවීය මහා සංඝයාවහන්සේ දැනුම්වත් කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද මහනුවර ට පැමිණියහ.

උන් වහන්සේ දෙනම බැහැ දැකීමෙන් පසු යේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මාධ්‍ය අමතා මෙසේ ප්‍රකශ කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විට රටේ ඖෂධ මිල රෝගීන්ට දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් තිබෙනවා. තවත් පැත්තකින් බරපතල ඖෂධ හිඟයක් රටේ නිර්මාණය වී තිබෙනවා. ඖෂධ මාෆියාවට සම්බන්ධ පිරිසක් තුළ ක්‍රියාත්මක වෙනවා. හදිසි මිලදී ගැනීම ඔස්සේ රුපියල් සීයේ ඖෂධය රුපියල් 1500 කට පමණ මිලදී ගන්නා බවත් එය රෝගියකු සඳහාත් තවත් මිල වැඩි කිරීමකින් ලබාදෙන බවත් පෙනෙන්නට තිබෙනවා.
කළු විරෝධතා සතිය ප්‍රකාශයට පත් කරන්නේ මේ සියලු කාරණා ඔස්සේ ජනතාව දැනුවත් කිරීමටයි. ඒ වගේම ජනතාව අප සමග එක් වී මේ රටේ මෙවැනි සෞඛ්‍ය පිරිහීමක් ඇති වීම වළක්වාලීමට නැගී සිටිය යුතුයි. තවත් ප්‍රධාන කාරණයක් වන්නේ මේ රටේ බුද්ධිමතුන් රට හැර යමින් සිටීමයි. රජයේ අත්තනෝමතික බදු ප්‍රතිපත්ති ඊට තවදුරටත් රුකුල් සපයනවා.
රජයේ රෝහල්වලින් කාර්යශූර වෛද්‍යවරු ඉවත් යද්දි එහි පීඩනය සහ බලපෑම ඇති වන්නේ සාමාන්‍ය ජනතාව වෙතයි. මේ පසුබිම මත ඖෂධ හිඟය ජනතාවට දැඩි පීඩනයක් එල්ල කරනවා. මේ සියල්ලටම එරෙහි වෙමින් අප නැගී සිටිය යුතුයි

Exit mobile version