කළුබෝවිල රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂක රුක්ෂාන් බෙල්ලනට කොවිඩ්…

Rukshan-Bellana

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කළුබෝවිල) නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කොවිඩ් වයිරසය ආසාදනය වීම හේතුවෙන් එම රෝහලේම කොවිඩ් විශේෂ  ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

රෝහල තුළදීම වයිරසය ආසාදනය වන්නට ඇති බවට සැක කළ හැකි යැයි අප කළ විමසුමකට පිලිතුරු දෙමින් රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේය.

පසුගිය  5 වන දින වෛද්‍යවරයා කොවිඩ් ආසාදිතයෙකු බව හදුනා ගැනීමත් සමග රෝහලේ විශේෂිත කොවිඩ් ප්‍රතිකාර ඒකකයට ඇතුලත්කළ බව  එම ප්‍රකාශකයා පැවසීය 


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වෛද්‍යවරයාගේ තත්ත්වය බරපතල නොවන නමුත් ඔහු ස්ථූලතත්වයෙන් පසුවන්නෙකු බැවින් ඔහු කෙරෙහි වෛද්‍යවරුන් දැඩි අවදානයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

Exit mobile version