කළුතර ලැගුම්හලක් පසුපස රේල්පාරෙන් හමුවුන පාසල් සිසුවිගේ නිරුවත් සිරුර ගැන තොරතුරු රැසක් හෙළි වේ!

සුමිත් පොතුපිටිය –

කළුතර දකුණ ප්‍රදේශයේ  තාවකාලික නවාතැන් පොලක පස්මහල් ගොඩනැගිල්ලක තුන්වන මහලින් ඇද වැටුන පාසල් සිසුවියකගේ නිරුවත් මළසිරුරක් ඊයේ (06) රාත්‍රි සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි .

මියගොස් ඇති සිසුවිය කළුතර , නාගොඩ රෝහල අසල පදිංචි සිටී 16 හැවිරිදි පාසල් සිසුවියක් බවට ඇයගේ දෙමව්පියන් හඳුනාගෙන ඇති බව පොලිසිය කීය.

තරුණියකගේ නිරුවත් මළසිරුරක් කාමර කුලියට දෙන නවාතැන් පොලක් පිටුපස  දුම්රිය මාර්ගය අසල වැටී තිබෙන බවට ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය පස්මහල් ගොඩනැගිල්ල පිටුපස පාමුල දුම්රිය මාර්ගය ආසන්නයේ උඩුබැලි අතට වැටී තිබූ මළසිරුර සොයාගෙන ඇත.

මියගොස් ඇති සිසුවිය ඊයේ පස්වරුවේ තවත් තරුණ යුවලක් සහ තරුණයෙක් සමග කළුතර නගරයේ දුම්රිය මාර්ගයට යාබද පිහිටී තාවකාලික නවාතැන් පොලක තුන්වන මහලෙහි කාමර දෙකක් කුලියට ගෙන රැදී සිට ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය කීය.


සිසුවිය සමග පැමිණි අනෙක් යුවල ඇයගේ මළසිරුර සොයාගන්නට විනාඩි 30 කට පමණ පෙර නවාතැන් පොලෙන් පිටව ගොස් ඇති අතර , ඇය සමග පැමිණි බව කියන  තරුණයා කාමරයෙන් බැහැරව ගොස් ඇති බවත්, ඔහු සොයා  පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය සඳහන් කරයි.

කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන්ද පරීක්ෂණ සිදුකරන ලද අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරිමට නියමිතව තිබූණි.

තරුණියගේ හිස , ගෙල, ලැම සහ කලවා ප්‍රදේශයේ සීරීම්, කැපීම් සහ තැලීම් තුවාල දැකගැනීමට හැකිවූ බව පරීක්ෂණ සිදුකරන නිළධාරීයෙක් කීය.

සිද්ධිය සම්බන්දයෙන් සැකපිට ඔවුන් සමග ලැගුම් හලට ඇතුළුවූ අනෙක් යුවල අත්අඩංගුවට ගෙන ඇති අතර , ඇය සමග එකට ගිය තරුණයා සොයා පරික්ෂණ සිදුකරන බව පොලිසිය කීය.

මනුෂ්‍ය ඝාතනයක්ද ? නොඑසේ නම් සියදිවි නසාගැනීමක්ද ? යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බව සඳහන් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජේෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ ගේ ප්‍රධානත්වයෙන් ,අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්ම්ක  සිල්වා   ඇතුළු නිළධාරීන්  පරීක්ෂණ පවත්වති.

Exit mobile version