සුමිත් පොතුපිටිය –
කළුතර මහේස්ත්රාත් අධ්කරණයට දඩමුදල් ගෙව්මේදී රුපියල් 5000 ක හොර නෝට්ටුවක් ලබාදී ඇති පුද්ගලයකු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර බෝම්ඹුවල ප්රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය කීයයි.
කළුතර මහේස්ත්රාත් අධ්කරණයේ රෙජිස්ට්රාර් වරයා විසින් කළ පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
එදින මුදල් අයකැමි ලෙස රාජකාරි කර ඇති නිළධාරීනිය ලබාගත් මුදල් කළුතර නගරයේ බැංකුවකට තැන්පත් කිරිමට යාමේදී එම මුදල් නෝට්ටුව හොර මුදල් නෝට්ටුවක් බවට හදුනාගෙන ඇති බවට පැමිණිල්ලේ සටහන්ව ඇති බව පොලිසිය පැවසුවේය.
සැකකරු කළුතර මහේස්ත්රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
වැඩ බලන මූලස්ථාන පොලිස් පරීක්ෂක ශාන්ත නයනප්රිය ගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්ම්ක ද සිල්වා ගේ ප්රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති .