කහ ඇඳන් ඔස්ට්‍රේලියාවට කෘතගුණ දක්වන ක්‍රීඩා ලෝලීන්ගේ වැඩසටහනෙන් පොහොට්ටුව බංකොලාත් දේශපාලනයක – විපක්ෂ නායක කියයි…

රට තුළ පැවැති අර්බුධකාරී තත්ත්වය හමුවේ වුවත් ක්‍රිකට් තරගාවලියක් සඳහා මෙරටට පැමිණි ඔස්ට්‍රේලියානු කණ්ඩායමට කෘතගුණ දැක්වීමක් වශයෙන් මෙරට සුවහසක් ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් සංවිධානය කළ කහ පැහැති ඇඳුම් ඇඳ අවසන් තරගය නැරඹීමේ වැඩසටහන, බංකොලොත් දේශපාලනයක නිරත වන ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ පාර්ශ්වකරුවන් විසින් සිය දේශපාලන න්‍යාය පත්‍ර ඉටු කර ගැනීම සඳහා යොදා ගැනීම තරයේ හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ ) වර්තමානයේ රට පත්ව ඇති ව්‍යසනයෙන් මුදවා ගැනීම උදෙසා වෘත්තීය සමිති සහ සිවිල් ක්‍රියාකාරීන් ගේ ඒකාබද්ධ වැඩපිළිවෙලක අවශ්‍යතාවය අවධාරණය කරමින් ඒ පිළිබඳව ප්‍රායෝගික වැඩපිළිවෙළක් ගොඩනැගීම උදෙසා වූ මාර්ග සිතියම පිලිබදව අදහස් සහ යෝජනා ලබා ගැනීම සඳහා අද (24) කොළඹ  නව නගර ශාලාවේ පැවති වැඩමුළුව අමතමිනි.

මේ ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණය වෙනුවෙන් සමස්ත ජාතියම සතුටු වෙන අවස්ථාවක බංකොලොත් දේශපාලනයක නිරතවන පිරිස් පිළිබඳ ඇත්තේ දැඩි කළකිරීමක් බවත් ඔහු කීවේය.

අර්බුධ සමයක වුවත් මෙරටට පැමිණීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට, එම රජයට සහ ඔස්ට්‍රේලියානු ජනතාවට ස්තූතිවන්ත වන බවත් ඔවුන්ගේ පැමිණීම අනෙක් රටවලට ආදර්ශයක් බවත් පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ අපේ රටට දමා ඇති සංචාරක තහනම් ඉවත් කර නැවතත් අපේ රටට පැමිණෙන ලෙස විදෙස් රටවලට ආරාධනා කරන බව යි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතා සම්බන්ධයෙන් ආඩම්බර වන බව පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ ජනතාව විසින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට කෘත ගුණ දැක්වීමට හදවතින්ම සංවිධානය කළ මේ ක්‍රියාව දේශපාලනීකරණය කිරීමට පොහොට්ටුවේ දේශපාලනඥයන් සහ අනෙකුත් සම්බන්ධිත නාලිකා දරණා උත්සාහය තරයේ හෙළා දකින බවයි.

Exit mobile version