කලු සාලු පැළඳගත් ස.ජ.බ විරෝධය මැද චොකා මල්ලි දිවුරුම් දෙයි

වර්ෂ 2015 ජනවාරි 05 වන දින එක්සත් ජාතික පක්ෂයේ රැලියක් සඳහා සැරසිලි කරමින් සිටි නිරායුද සිවිල් වැසියෙක් වූ ශාන්ත දොඩම්ගොඩ නැමැති පුද්ගලයා වෙඩි තබා ඝාතනය කිරීමේ වරදට මරණීය දණ්ඩනය නියම වී අභියාචනයක් ඉදිරිපත් කර ඇති හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අද ( 09) විපක්ෂයේ දැඩි විරෝධතාවය මැද්දේ කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය.

ඊට විරෝධය පලකරමින් ඝෝෂා කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කලු සාලු පැළඳ සිටිහය.

අනතුරුව පාර්ලිමේන්තුවේ සභා ගර්භයෙන් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු පිටවී ගියහ. එහෙත් ප්‍රේමලාල් ජයසේකර කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මරණ දඬුවම නියම වී අභියාචනයක් ඉදිරිපත් කර සිටින රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දිය හැකි බව, අභියාචනාධිකරණය ඊයේ (07) තීන්දු කළේය.

Exit mobile version