කලා කොවිඩ් පොකුරක් ඇති කරන්න එපා… සෞඛ්‍ය අංශ කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පෑලියගොඩ මාළු පොකුර මෙන් කලා ක්ෂේත්‍රය තුළ කලා කොවිඩ් පොකුරක් නිර්මාණය කිරීමේ  අවදානම ඇති නොකරන ලෙස  ප්‍රාදේශී්‍ය සෞඛ්‍ය අංශ නිර්මාණ කරුවන්ගෙන් ඉල්ලා සිටිති. කොවිඩ් ආසාදිත ප්‍රසිද්ධ තරුණ නළුවා සමාජයට දන්වා ඇත්තේ ඒ අවදානම බව ඔවුහු පෙන්වා දෙති.
“ ඔවුන්ට කලා කටයුතු කරගෙ යන්න අවශ්‍ය අවකාශය ලැබිලා තියනවා. ඒ සමාජ කාර්යයක් සේ කල්පනා කරලා. එතකොට ටෙලි නාට්‍ය හෝ චිත්‍රපට නිශ්පාදනය කණ්ඩායම්වලට වගකීමක් තියනවා යම් පිරිවැයක් දරා හෝ නිසි  සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද සහ පහසුකම් තම කණ්ඩායම වෙනුවෙන් සම්පූර්ණ කරන්න.
ඔවුන් තවමත් හැමෝටම පාවිච්චි කරන්නෙ එකම මේක් අපි සෙට් එකේ ආම්පන්න, ප්‍රවාහන පහසුකම් සම්පූර්ණ කරන්නෙ වාහනවල පොල් පටවලා වගේ. නවාතැන් අරන් ඉන්න කණ්ඩායම්වලට අලුතින් එක් වන හා පිටවන අය ගැන සෞඛ්‍ය අංශ සම්බන්ධ කරන් අධීක්ෂණයක් නෑ…
ඒ වගේම රූපගත කිරීම් වලදි තවමත් ඒ කලාකරුවන් තමන්ගෙ චර්යාවන් වෙනස් කරලා නෑ. රූපගත කරන අවස්ථාව වනතුරුවත් ඔවුන් බොහෝ දෙනෙක් මුඛ ආවරණයක්වත් පලඳින්නේ නැති බව අප නිරීක්ෂණය කරලා තියනවා. එහි ප්‍රතිඵල තමයි මේ ප්‍රකාශයට පත් වුණේ. ලැබී ඇති අවකාශය සමාජ වගකීමෙන් පරිහරණය කිරීම වැදගත්…“
සෞඛ්‍ය නිළධාරියෙක් ලංකාසරට පැවසීය.

Exit mobile version