කලාශුරී එඩ්වින් ආරියදාස අභවප්‍රාප්ත වෙයි

සිනමා විචාරකයකු, පරිසරවේදියකු, ගුරුවරයකු, ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු මෙන්ම වියතෙකු ලෙස ජනාදරයට පත් කලාශුරී එඩ්වින් ආරියදාස මහතා අභවප්‍රාප්ත විය.

ආරියදාස මහතා මිය යන විට 99 හැවිරිදි වියේ පසුවිය.

1922 දෙසැම්බර් 3 වන දින ගාල්ල උණවටුන ප්‍රදේශයේ උපත ලැබූ ඒ මහතා ගාල්ල මහින්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ අතර සිංහල හා ඉංග්‍රිසී භාෂා පිළිබඳ උපාධි හිමි කරගත් ඔහුගේ ප්‍රථම රැකියාව වූයේ ගුරු වෘත්තියයි.


සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙක විශිෂ්ට ලෙස හැසිරවීමෙහි සමත්කම් දැක්වූ එඩ්වින් ආරියදාස මහතා විචාර ලිපි ගණනාවක් ද රචනා කර ඇත. හෙතෙම ‘ලෝක ඉතිහාසය’, ඇමෙරිකානු ජනපති දේශන ඇතුළත් ‘විමුක්ති ප‍්‍රකාශ’ ඇතුළු කෘති කිහිපයක්ම පළ කර තිබේ.

ජනමාධ්‍යය ක්ෂ්ත්‍රයට පා තබමින් ඒ මහතා 1949 දී ලේක්හවුස් ආයතනය සමඟ සම්බන්ධ විය. ලේක් හවුස් ආයතනයේ නිර්මාතෘ ඩී.ආර් විජේවර්ධන මහතා මිය යෑමට පෙර ඒ මහතා සමඟ කටයුතු කළ ජීවතුන් අතර සිටි එකම මාධ්‍යවේදියා ලෙස ද එඩ්වින් ආරියදාස මහතා ය.

ඒ මහතා “ඇවිදින පුස්තකාලය” යන නමින්ද අමතනු ලැබිණි.
සම්මාන 300කට වැඩි ප්‍රමාණයක් හිමිකරගත් ඒ මහතා විවිධ රාජ්‍ය ආයතනවල උසස් තනතුරු ද හෙඹවීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආරියදාස මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.

Exit mobile version