කල් ඉකුත් වුවත් නොවුනත් CS ගෑස් අඩංගු කඳුළු ගෑස් ජාත්‍යාන්තරව තහනම් රසායනික අවියක්! -සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

කල් ඉකුත් වුවත්, නොවූවත්     ඩයික්ලෝරෝබෙන්සාමෙලනෝනයිට්‍ර්යිල් (2Chlorobenzalmalononitrile) හෙවත්  CS ගෑස් අඩංගු කඳුළු ගෑස් ජාත්‍යාන්තර රසායනික අවි සම්මුතියට අනුව තහනම්  රසායනික අවියක් බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

කොළඹ සරසවියට එල්ල වුණු කඳුළුගෑස් ප්‍රහාරය පාසල් සිසුන්ටත් එල්ල වී තිබුණු අයුරු…

එම සංගමයේ ප්‍රධාන ලේකම් ,වෛද්‍ය ජයන්ත බණ්ඩාර පෙන්වා දෙන්නේ පසුගිය සති කිහිපය තුළ කඳුළු ගෑස් ප්‍රහාර සහ මරණ අතර සම්බන්ධය මිනිසුන්ට ප්‍රශ්න කරන්නට සිදු වී ඇත්තේ මේ තත්ත්වය නිසා බවය.  මිනිසුන් ඝාතනය කරන අන්දමින් රසායනික අවි භාවිතා කිරීම වෛද්‍යවරුන් ලෙස තමන් නොඉවසන බවද ලේකම්වරයා කියයි.

සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මෙසේ ද පැවසුවේය.

”මේ කඳුළු ගැස් විදියට පාවිච්චි කරපු රසායන ද්‍රව්‍ය සම්බන්ධයෙන් බරපතළ සාකච්ඡාවක් තියනවා. ඒකේදි අපි පාවිච්චි කරපු එක CS ගෑස් කියලා හඳුන්වන ගෑස් වර්ගයක්’ “


“CS ගෑස්   ජාත්‍යන්තර රසායනික අවි සම්මුතිය අනුව  තහනම් සංයෝගයක්. ඒ කඳුළු ගෑස්   තහනම් රසායනික අවියක් විදියට හඳුන්වනවා.

ඩයික්ලෝර‍ෙබෙන්සාමෙලනෝනයිට්ට්‍රයිල් කියන රසායනික ද්‍රව්‍ය තමයි CS ගෑස් කියලා හඳුන්වන්නේ.  ඒක  ජාත්‍යන්තර රසායනික අවි සම්මුතියෙන් තහනම් අවියක්. ඒ තහනම් අවිය පාවිච්චි කරලා තියනවා. ඒක තමයි පහුගිය කාලයේ පාවිච්චි වුණේ, ඒ නිසා තමයි මරණ කීපයක් සිද්ධ වුණේ, කියන එක සම්බන්ධයෙන් ආණ්ඩුවට චෝදනාවක් තියනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සී. එස් .ගෑස් කියලා හඳුන්වන්නේ   සාමාන්‍ය කඳුළු ගෑස් වර්ගයක් නෙමෙයි. ඒක රසායනික අවියක්. ඒක නිසා ආණ්ඩුව මේ විදියට මිනිස්සු ඝාතනය කරන ආකාරයෙන් රසායනික අවි භාවිතා කරනවා නම් ඒ සම්බන්ධයෙන් අපි වෛද්‍යවරු විදියට බලාගෙන ඉන්න බැහැ. ”

Exit mobile version