කල්යන ඡන්දයෙන් අපහසුතාවයට පත් වැටුප් රහිත නිවාඩු ගෙන සිටින රාජ්‍ය සේවක මැතිවරණ අපේක්ෂයින්ට පඩි දෙන්න ක්‍රමවේදයක්!

මැතිවරණය කල් ගියහොත්  මැතිවරණය සඳහා ඉදිරිපත් වී මේ වනවිට වැටුප් රහිත නිවාඩු ලබා පසුවන රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවිය හැකි ක්‍රමවේදයක් සකස් කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.

එම ක්‍රමවේදය සැලසුම් වනු ඇත්තේ හෙට මැතිවරණ කොමසාරිස්වරයා විසින් මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව බව ඔහු වැඩිදුරටත් පවසයි.

“මැතිවරණ පනතේ තිබෙන්නේ මැතිවරණයක්  ප්‍රකාශ  කරලා මැතිවරණය සඳහා   දිනයක් නියම කළාට පසසේ ඊට ඉදිරිපත් වන රාජ්‍ය සේවක මැතිවරණ අපේක්ෂකයෙකුට පඩි රහිත නිවාඩු දෙන්න ඕන කියලා.   මැතිවරණයක් ප්‍රකාශ කර තිබුණා. මැතිවරණ දිනයක් නියම කර තිබුණා.  සේවකයින් පඩි රහිත නිවාඩුවක හිටියා.

ඒත් දැන් මැතිවරණය කල් ගහින් තියනවා.  මැතිවරණ කොමසාරිස් තුමා හෙට දවසෙ මැතිවරණය සඳහා දිනයක් නියම කළොත් යළිත් මැතිවරණ පනත අනුව මේ සේවක පඩිය පිළිබඳ ප්‍රශ්නය එනවා.    ඒත් දිනයක් රහිතව මැතිවරණය  කල් දැමීමක් කලොත්  වැටුප් ගෙවීමට කිසි ගැටලුවක් වෙන්නෙ නෑ.


එත්  අපි බලනවා හෙට ගන්න තීන්දුවත් එක්ක යම් කිසි කාලයක් මැතිවරණය කල් යනවා නම්  මෙම රාජ්‍ය සේවකයෝ අපහසුතාවයට පත් නොකර ඒ අයට වැටුප් ලබා ගන්න ක්‍රමවේදයක් හදන්න.”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා නෙත් ප්‍රවෘත්ති සේවාව වෙත අදහස් පළ කරමින් ප්‍රකාශ කළේය.

Exit mobile version