කරාපියට පිළිකා වාට්ටුව කොවිඩ් වාට්ටුවක් වෙයි. ආසාදිතයන් 24තෙක් ඉහළට…

12 වාට්ටුවෙත් ආසාදිතයෙක්...

ලලිත් චාමින්ද –

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ 56 පිළිකා වාට්ටුවේ  කොරෝනා ආසාදිත රෝගින්ගේ  සංඛ්‍යාව  ඊයේ (24) දිනය වනවිට 24 දක්වා වැඩිවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි   පවසයි.

ඊයේ (24) දිනය තුල 56 පිළිකා වාට්ටුව තුළ නිරෝධායනය වෙමින් සිටි රෝගින් 07 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයේ දි  තහවුරුවි ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඊයේ (24) දිනය තුළ කොවිඩ් ආසාදිත පිරිමි රෝගින් 04ක්  හම්බන්තොට රෝහල වෙත හා කාන්තාවන් තිදෙනා කඹුරුගමුව රෝහල වෙත පිටත්කර  යැවිමට  කටයුතු කළ බවද  කරාපිටිය ශික්ෂණ රෝහලේ 12 වාට්ටුවේ නේවාසිකව  ප්‍රථිකාර ලබමින් සිටි රෝගියකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවි ඇති බවද ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා කීවේය.


Exit mobile version