කරාපිටිය රෝහලේ 56 වාට්ටුවට රෝගීන් ඇතුළත් කරගැනීම නවතයි

ලලිත් චාමින්ද

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ 56 පිළිකා වාට්ටුවෙන් රෝගින් 04 දෙනෙකුට හා සාත්තුවට සිටි කාන්තාවකට කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරුවිමෙන් පසු එම වාට්ටුවට රෝගින් භාරගැනිම තාවකාලිකව නතරකිරිමට කටයුතු කළ බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය නිශානි ඔබෙසේකර මහත්මිය සදහන් කළාය.

මේ වනවිට මෙකි වාට්ටුවට කිසිවකුට ඇතුල්විමට හෝ පිටවිමට නොහැකි බවත් වාට්ටුව සම්පුරණයෙන් විෂබිජහරණයට ලක්කොට ඇති බවද නියෝජ්‍ය අධ්‍යක්ෂකවරිය සදහන් කළේය. මෙකි වාට්ටුවට එන හදිසි රෝගින් පමණ ඇතුලත් කරගැනිම සදහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කොට ඇති බවද ඇය පැවසුවාය.


මෙකි වාටිටුවේ දැනට පිළිකා රෝගින් 25 දෙනෙකු පමණ ප්‍රථිකාර ලබන බවද ඇය පැවසුවාය. රෝගින් හා වාට්ටුවේ වෛද්‍ය කාර්යමණ්ඩලයේ කිහිප දෙනෙකු පි.සි.ආර් පරික්ෂණවලට ලක්කොට ඇති බවත් එවායේ ප්‍රථිපල අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද නියෝජ්‍ය අධ්‍යක්ෂකවරිය පැවසුවාය.

මෙකි වාට්ටුවේ නේවාසිකව ප්‍රථිකාර ලැබු රෝගියකු ළග සාත්තුවට සිටි ඔහුගේ බිරිදට කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරුවිමෙන් පසු එම වාට්ටුවේ රෝගින් පි.සි.ආර් පරික්ෂණයට ලක්කරණු ලැබිය.ඒ අනුව රෝගි කාන්තාවන් තිදෙනෙකුට හා පිරිමි අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කාන්තා රෝගින් තිදෙනා කඹුරුගමුව රෝහල වෙත හා පිරිමි රෝගියා හම්බන්තොට රෝහල වෙත පිටත්කරයැවිමට කටයුතු කරණු ලැබිය.

Exit mobile version