කරාපිටිය රෝහලෙත් හදිසි තත්වයක්… සංකූලතා අධික රෝගීන්ට ඉඩ ලබා ගැනීමට රෝග ලක්ෂණ අඩු රෝගීන් රෝහලෙන් ඉවත් කරයි..

කොවිඩ් රෝගීන් ක්ෂණික ලෙස වර්ධනය වීමත් සමග කරාපිටිය රෝහළ තුළත් හදිසි තත්වයක් ප්‍රකාශයට පත්  කර තිබේ.

විවිධ ඒකකවලින් රෝගීන් වාර්තා වීමත්, රෝහල් කාර්ය මණ්ඩල ආසාදනය වීම වර්ධනය වීමත්,  කොවිඩ් ඒකකවල ධාරිතාව ඉක්මවා යෑමත් සමග මෙම හදිසි තත්වය රෝහළ තුළ ප්‍රකාශ කර ඇති බව කරාපිටිය රෝහල් අධ්‍යක්ෂවරයා ලිඛිතව දැනුම් දී තිබේ.

මෙතෙක් රෝහල තුල ප්‍රතිකාර ලබන සංකූලතා රහිත රෝගීන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලට හෝ ඔවුන්ගේ නිවෙස්වලට යොමු කරන ලෙසත්, එම පියවර ගන්නේ  සංකූලතා සහිත ඔක්සිජන් අවශ්‍ය රෝගීන්ට ප්‍රමුඛතාවය ලබා දීමට බවත් රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් ප්‍රතිකාර ඒකකවල ඉඩ ලැබෙන තුරු වෙනත් ඒකකවල සංකූලතා සහිත කොවිඩ් රෝගීන්   එම ඒකකවලම තබා ගන්නා ලෙස උපදෙස් දී ඇත.

 

Exit mobile version