කරාපිටිය කොවිඩ් ආසාදිතයන්ගෙන් පිරෙයි…  තවත් වාට්ටු දෙකක් කොවිඩ්වලට වෙන් කරන්න තීරණයක්…

ලලිත්  චාමින්ද –

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොවිඩ් රෝගින් වෙනුවෙන් වෙන්කරණු ලැබු 36 වාට්වුව  ඊයේ (01) රාත්‍රිය වන විට කොවිඩ් රෝගින්ගෙන් පිරියාම නිසා  රෝහලේ තවත් වාට්ටු දෙකක් කොවිඩ් රෝගින් වෙනුවෙන් වෙන් කිරිමට කටයුතු කළ බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය  කේ.එච්.ජි.ජිවරත්න  පවසයි.

ඊයේ (01) රාත්‍රිය වන විට කරාපිටිය රෝහලේ 36 වාට්ටුවෙන් කොවිඩ් රෝගින් 55 දෙනෙකු වාර්තා වු බවද වැඩබලන රෝහල් අධ්‍යක්ෂකවරයා පවසයි. මෙම තත්වය සැලකිල්ලට ගෙන තාවකාලික පියවරක් වශයෙන් කරාපිටිය රෝහලේ 46 හා 25 වාට්ටු කොවිඩ් රෝගින් වෙනුවෙන් වෙන්කිරිමට කටයුතු කළ බවද ඒ මහතා පවසයි. මිට අමතරව අක්මිමන මැලිබන් රෝහලද කොවිඩ් රෝගින් වෙනුවෙන් වෙන් කිරිමට  සැලසුම් කොට ඇති බවද වැඩබලන රෝහල් අධ්‍යක්ෂකවරයා පවසයි.

 මේ පිළිබද වැඩබලන රෝහල් අධ්‍යක්ෂකවරයා මෙසේද කිවේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇත්තටම කොරෝනා රෝගින් වැඩි වශයෙන් වාර්තාවිම නිසා  ගැටලු කාරිතත්වයක් ඇතිවෙලා තියෙනවා.  කරාපිටිය රෝහලේ ඇතිවි තිබෙන තදබදය  අඩුකරගැනිම සදහා රෝහලේ වාට්ටු 02ක් හා අක්මිමන මැලිබන් රෝහල කොවිඩ් රෝගින් වෙනුවෙන් වෙන් කිරිමට කටයුතු කරලා තියෙන්නේ.  අක්මිමන මැලිබන් රෝහලේ ඇදන් 50ක්  දමන්න පුළුවන්. මිට අමතරව අසාධ්‍ය වු කොවිඩ් රෝගින් වෙනුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ  ප්‍රධාන දැඩි සත්කාර ඒකකය වෙන්කරලා තියෙනවා එම දැඩි සත්කාර ඒකකයේ ඇදන් 07ක් තියෙනවා.  නිරෝධායන මධ්‍යස්ථාන කොවිඩ් රෝගින්ගෙන් පිරියාම නිසා තමයි  කරාපිටිය රෝහලේ ප්‍රථිකාර ලබන රෝගින් වෙනුවෙන්  වෙනම වාට්ටු වෙන්කිරිමට සිදුවුනේ යැයිද වැඩබලන  රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Exit mobile version