කරන්නාගොඩට අමෙරිකාව තහනම් කිරීම ගැන රුසියාවේ අප්‍රසාදය

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට අමෙරිකා ඒක්සත් ජනපදයට ඇතුළු වී තහනම් කිරීමට ඇමරිකාව ගත් තීරණය සම්බන්ධයෙන් රුසියාව සිය අප්‍රසාදය පළ කර තිබේ. කොළඹ රුසියානු තානාපති ලෙවන් ධගාරියන් මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.

කොළඹ රුසියානු තානාපති ලෙවන් ධගාරියන් ඊයේ (27) ප්‍රකාශ කළේ “ශ්‍රී ලංකාව ඇතුළු ස්වෛරී රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම කිසිසේත්ම පිළිගත නොහැකියි” යනුවෙනි.

ඒසේම බටහිර රටවල් තමන්ගේ ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කළ යුතු බවද ඔහු කියා සිටියේය.

“අපි බටහිර රටවල මානව හිමිකම් කඩවීම් ගැන කතා කරන බවත් ඔවුන්ට තවත් බොහෝ ගැටලු තිබෙන බවත් එසේ තිබියදී ශ්‍රී ලංකාව ඇතුළු ස්වෛරී රටවල අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීම කිසිසේත්ම පිළිගත නොහැකි බවත් ඔහු පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකාව කළ යුතු දේ හෝ නොකළ යුතු දේ පිළිබඳව දේශන කිරීමට කිසිවෙකුට අයිතියක් නැත. ඒක ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නයක්,” “ඉංග්‍රීසි කියමනක් තියෙනවා. ඔබ ජීවත් වන්නේ වීදුරුවලින් සෑදූ නිවසක නම් එතැනින් ගල් නොගසන්න” යැයිද තානාපතිවරයා පැවසීය.

 

Exit mobile version